chapter 18

955 167 42
                                    

Author's p.o.v

" ඔයා ..... ඔයාට ද එතකොට බ්ලැකී කියන්නේ. "

" හායි nice to meet you Jung Hoseok "

මාස්ක් එක ගලවපු බ්ලැකී හිනාවෙවී කියනකොට මෙච්චර වෙලා අමාරුවෙන් ඇස් අරන් ඉඳපු J hope සිහිසුන් උනා.

" ඒයි.......... මෙයාව ගිහින් dungeon එකට දාන්න . හැබැයි කිසිම විදියට හිරිහැරයක් වෙන්න බෑ . මොකද J hope කියන්නේ අපිට ගොඩක් වැදගත් කෙනෙක්. "

බ්ලැකී කියනකොට එතන හිටපු දෙන්නෙක් J hope ව අරන් ගියා .

" බ්ලැකී....... අපේ ඊලඟ ටාගට් එක ජියොන් මැන්ශන් එකද. අපි අද හෙටම ඒ පැත්තට යමුද."

චීෆ් ඇහුවෙ ගලවපු මාස්ක් එක ආපහු දාන ව්ලැකී දිහා බලන්.

" හ්හ්හ්හ්ම්ම්ම්.. ඔව් තව දවස් දෙකකින් ලෑස්ති වෙන්න ඒ වැඩේට. මට එන්න වෙන්නෙ නෑ එදාට ශූටින් වගයක් වැටිල. කිසිම දෙයක් මිස් කරගන්නැතුව ඒක හරියටම වෙන්න ඕනෙ. ආආඅ.... ඒ වගේම වැදගත්ම කාරනේ......."

කතාව ටිකකට නවත්තපු බ්ලැකී චීෆ්ගෙ මූනට එබුනා.

" Jk ටවත් Suga ටවත් කිසිම විදියකින් කරදරයක් වෙන්න බෑ....... "

තර්ජනාත්මක විදියට චීෆ්ට කියපු බ්ලැකී රූම් එකෙන් එලියට යනකොට චීෆ්ගෙ මූනෙ ඇඳුනෙ සමච්චල්සහගත හිනාවක්.

" බලන් ඉන්නකෝ බ්ලැකී.. Jonghyun Namjoon දෙන්න වගේම Jk Suga දෙන්නත් ඉවර වෙන විදිය. "
🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲

සුගා ගැන්ග් එකේ ප්‍රශ්නයක් කියක Jk ව RM Jin දෙන්න ලඟින් එක්කන් ආවත් එහෙන කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නැහැ.

" හ්‍යුන් මොන එහෙකටද බොරුවට මාව එක්කන් ආවෙ. "

කේන්තියෙන් ජන්කුක් කෑගහද්දි සුග්ද ජන්කුක්ගෙ උරහිස් දෙකෙන් තදින් අල්ලගත්තා.

" Jk මේ අහපන්..... මුලින් කේන්තිය අඩු කරල මේ ප්‍රශ්නෙ දිහා බලපන්. Red I gang එකත් එක්ක අපි ජන්මාන්තර වෛරයි තමයි. ඒ වගේම Rm ව මෙතනට ගෙනාවෙත් හුරතල් කරන්න නෙමේත් තමයි. ඒත් RM කියන්නෙ කොයි වගේ මිනිහෙක්ද කියල උඹ මම වගේම මේ අන්ඩර්වර්ල්ඩ් එකේ හැම එකාම දන්නව බන්. එයා කවදාවත් දුන්න වචනයක් වෙනස් කරන මිනිහෙක් නෙමේනේ. තේරෙන්නෙ නැද්ද මිනිහ පරසක්වල ගහල කිව්ව ඩ්‍රග්ස් වලට ගිනි තිබ්බෙ V නෙවේ කියල. ඇත්තටම උබට ශුවර්ද එතන හිටියෙ V කියල. "

Under The Mask  ( Completed )Where stories live. Discover now