chapter 20

856 164 46
                                    

Author's p.o.v

   හැමෝම මැන්ශන් එක ඇතුලට යද්දිම වගේ ටේමින්ගෙ වාහනෙත් ජියොන් මැන්ශන් එකට ආව. වාහනෙන් බැහැපු ටේමින්ගෙ සුදුමැලි මූන දැකල ජින්ට සුසුමක් පිටවුනේ ඉබේටමයි. වෙනදට ජින්ව දැක්කත් කෑගහගෙන ඇඟේ එල්ලෙන ටේමින් අද නිශ්ශබ්ද වෙලාම ගිහින්.

  " ටේමින් එන්න අපි යමු ඇතුලට ගිහින් කතා කරමු."

  ජින් ටේමින්ගෙ කරටත් අතදාගෙන ඇතුලට ගියා. හැමෝම ඩයිනින් ටේබල් එකේ වාඩි වුන ගමන් නම්ජූන් කතා කලා.

  " ජේකේ ඔක්කොටම කලින් ටේහ්‍යුන්ට මෙතනට එන්න කියන්න. අපිට එයාව ඕනෙ වෙනව ."

  " හ්ම්ම්....  "

ජන්කුක් එතනින් නැගිටල ගියේ ටේහ්‍යුන්ව එක්කන් එන්න. එතකොටම එතනින් ජන්කුක් ස්නයිපර් එක දුන්න කෙනා එලියට යන්න හදද්දි සුගා එයාට කතා කලා.

  " කොල්ලො උබේ ඉලක්කෙ නම් සුපිරී හොඳේ. "

  " බොස්..... ඒ මම...... මම ... නෙමෙයි...... මම..... නෙමේ.. ශූට්.... කලේ...  එ.. යා.. එයා... තමයි..... "

  ගොත ගගහ කියවපු ඒ මනුස්සය එලියට යද්දි සුගා  පුදුම වෙලා බලන් හිටිය.

  " අපිව එවෙලෙ බේරගත්තෙ V"     නම්ජූන් කිව්ව.

  ඒත් එක්කම එතනට ආදෙ ජන්කුක් එක්ක ටේ. ටේහ්‍යුන් නම් බිම බලාගෙනම ඇවිත් ටේමින්ටත් හිනා වෙලා නම්ජූන්ට එහා පැත්තෙ වාඩි වුනා. ජන්කුක්ත් ටේහ්‍යුන්ගෙ එහා පැත්තෙන් වාඩි වුනා. සුගා නම් තාමත් කට ඇරන් නම්ජූන් දිහා බලන් ඉන්නෙ කිසි දෙයක් හිතාගන්න බැරුව.

  " හ්‍යුන් මොකද නිකන් යකෙක් දැකල වගේ ඉන්නෙ"

  ජන්කුක් ඇහුවෙ සුගාගෙන් . ඒත් සුගාගෙන් කිසි සද්දයක් නෑ.

  " කහ්ම් කහ්ම්.......   සුගා මම දන්නව ඔයා පුදුමෙන් කියල. ඒත් මම කිව්වෙ ඇත්ත. එවෙලෙ අපිව බේරගන්න ශූට් කලේ වෙන කවුරුත් නෙමේ red I gang එකේ  best snipper V . "

  " මොකා V කොහෙද මෙහෙ."

  කලින් කටපාඩන් කරන් වගේ ජන්කුක් ටේමින් දෙන්න එකටම කියද්දි ජින්ට නම් හිනාව නවත්තගන්න බැරි වුනා.

Under The Mask  ( Completed )Where stories live. Discover now