chapter 24

700 140 23
                                    

Author's p.o.v

    ජීමින් ටේමින් දෙන්නම කිසිම බාදාවක් නැතුව Red I underground කාර් පාර්ක් එකට ගියා.

  "  ජීමින් මම ඇතුලට යනවා. ඔයාට පුලුවන් කියල සුවර් නේද මගෙ ඩීටේල්ස් සිස්ටම් එකට දෙන්න. "

  "  දේ..... මට පුලුවන් වෙයි. ඔක්කොටම කලින් මට පෙන්නන්නකෝ කොතනද ටනල් එකේ එක්සිට් එක කියලා. මෙතන මුකුත් හොයාගන්න බෑනේ."

   " මෙතනින් එන්න ජීමින්. හොඳට බලන්න මේ වෝල් එකට සෙට් කරල වීදුරු පෙට්ටිය ඇතුලෙ තියන fire extinguisher එක. ඒක එලියට ගත්තම තියන මේ ෆින්ගර් ප්‍රින්ට් මැශින් එකෙන් තමයි එක්සිට් ඩෝර් එක ඇරෙන්නේ."

    " වාව්................. ෆට්ටනේ........ ජීවිතේට හිතන්න බෑ මෙතන මෙහෙම එකක් තියනව කියල. ලොකු අවුලක් නෑ ටේමින් මට විනාඩියක් දෙන්න ඔයාගෙ ෆින්ගර් ප්‍රින්ට් සිස්ටම් එකට ඇතුල් කරන්න."

  ගෙනාපු ලැප් එක වගේම මැශින් එකත් එක්කත් ටික වෙලාවක් ඔට්ටු උන ජීමින් තෘප්තිමත් හිනාවක් පෑවා.

  " දැන් හරි ටේමින් මෙතනින් ඔයාගෙ ෆින්ගර්ප්‍රින්ට් එක තියන්න."

  ජීමින් මැශින් එක පෙන්වමින් කියද්දි ජීමින් කිව්ව විදියටම ෆින්ගර්ප්‍රින්ට් එක ටේමින් තිබ්බා.

  " දැන් ප්‍රශ්නයක් නෑ ටේමින් ඔයා යන්න. මම මෙතනින් එහාට ඉතුරු වැඩේ කරන්නම් . ඔයා හොබී හ්‍යුන්වත් අරන් එන්න. Good luck කොල්ලෝ."

  "හ්ම්ම්ම්.. මම යනවා. පරිස්සමෙන් ඉන්න ජීමින්. බය වෙන්න එපා මෙතන ඔයාට ඕනාවටත් වඩා ආරක්ශිතයි. මම ඉක්මනින් එන්නම්."

   ජීමින්ගෙ උරහිසට පාරක් ගහගෙනම ටේමින් එතනින් යද්දි ජීමින් ආපහු එයාගෙ වැඩේ කරන්න පටන් ගත්තා. තවත් විනාඩි කිහිපයක්ම එහෙට මෙහෙට ඔට්ටු උන ජීමින් එයාගෙ වැඩේ ඉවර කරා.

🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏

     සමාන්‍ය විදියටම මේන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුලට ගිය ටේමින් කෙලින්ම ගියේ ටේක්යොන්ගෙ කැබින් එකට.  මේ වෙලාවෙ හෙඩ් ඔෆිස් එකේ බොරුකාර V නැති නිසා  කිසිම සැකයක් නැතුව ටේමින් ආව.  ටික වෙලාවක් යනකම් දෙන්න එක්ක කතා කර කර හිටියෙ ජීමින් තැනින් තැන තියන කැමරා ඕෆ් කරනකම් .  ජීමින්ගෙන් සිග්නල් එක ලැබුන් ගමන් ටේක්යොන් ටේමින් දෙන්නම දන්ජන් එක පැත්තට යන්න ගියේ කාටවත් සැක නොහිතෙන විදියට. 

Under The Mask  ( Completed )Where stories live. Discover now