chapter 28

710 131 21
                                    

  ජන්කුක් ඉල්සාන් වලට යනකම්ම ටේහ්‍යුන් මැන්ශන් එකට වෙලා අනිත් සෙට් එකට වද දිදී හිටියෙ ටේ කියන එක අහන්නෙ නැතුව එයාල ජන්කුක්ට ඉල්සාන් යන්න කියපු එකටයි. ටේහ්‍යුන් මේ දවස් දෙකතුනේම දන්න සෙල්ලම් ඔක්කොම දාලා ජන්කුක්ව නවත්තගන්න හැදුවත් ජන්කුක් ඒවට එකඟ වුනේ නම් නෑ. අන්තිමට ඉල්සාන් වල හොටෙල් එකට ගිහින් පරිස්සමෙන් ආව කියල ජන්කුක් ටේට කෝල් කරාමයි එයා සන්සුන් වුනේ.  ටේහ්‍යුන් ඇඳට වෙලා කල්පනා කලේ ඊයෙ රෑ එයාල අතරවුන කතාබහ.

  Flashback

    ටේටේ ... අනේ බබී.. මට තේරෙනව ඔයා කියන එක. ඒත් මේ ගමන කල් දාගන්න බෑනේ. දවස් තුනක් ඉවසන්නකෝ මම ඉක්මනට ගිහින් ඉක්මනට එන්නම් හොඳඳ.

ජන්කුක් කිව්වෙ  එයා දිහාවට හුරතල් විදියට බුම්මගෙන ඉන්න ටේහ්‍යුන්ගේ ඔලුව අතගාන ගමන්.

  ඇඳ විට්ටමට හේත්තු වෙලා ඉන්න ජන්කුක්ගෙ උකුලෙන් ඔලුව තියාගෙන ටේහ්‍යුන් මේ කන් කෙඳිරි ගාන්නෙ ජන්කුක්ව කොහොමහරි ගෙදර නවත්තගන්න.

  එහෙනම් කලින් කියපු විදියට මාව ඩේට් එකකට එක්කන් යන්නනෝන ඔයා ආපහු ආව ගමන්ම.

  මේ ඔක්කොම අස්සෙ ඔයාට ඩේට් එකකටත් යන්නනෝනද බබී.

  ආහ්හ්හ්.. දැන් ඔය කියන්න හදන්නෙ බෑ කියලනම් මැරෙන්න ලෑස්ති වෙනව මිස්ටර් ජියොන් ජන්කුක්. මට ඕන කිව්වොත් ඕනමයි. මටත් ආසයි කුකී මේ හැමදේම අමතක කරල  ඔයත් එක්ක නිදහසේ ටිකක් ජීවිතේ විඳින්න.

  මුල් ටික හිතුවක්කරකමෙන් කියපු ටේහ්‍යුන් අන්තිම ටික කියද්දි හිටියෙ නම් ඇස්වල කඳුලු පුරෝගෙන. ඒක තේරුන ජන්කුක් ටේහ්‍යුන්ගෙ නලලත සිප ගත්තෙ ආදරෙන්.

  මම දැන් මේ මෝඩ පැටියට කිව්වෙ කොයි වෙලේද එක්කන් යන්න බෑ කියල ආ.... මම  හිතුවෙ මේ ප්‍රශ්න නිසා ඔයාට යන්න හිතිල නෑ කියල. ඔන්න එහෙනම් තව දවස් තුනකින් ලෑස්ති වෙලා ඉන්නකෝ. හ්‍යුන්ලට කියල තියන්න මාත් එක්ක එලියට යනව කියල.

  ම්ම්හුක්ක්ක්... කුකී අපි හොරෙන් යමුද.

  ඇහැකුත් ගහල දඟකාර විදියට ටේහ්‍යුන් අහද්දි ජන්කුක් පුදුමෙන් ටේහ්‍යුන් දිහා බැලුවා.

Under The Mask  ( Completed )Where stories live. Discover now