chapter 15

1K 176 17
                                    

Author's p.o.v

  .............................. After one week.........................

     බ්ලැකී Red I ගැන්ග් එක ඇතුලටඇවිත් හරියටම සතියක් ගෙවිල ගියා. එදා සෙක්ශන් හෙඩ්ලත් එක්ක තිබුන මීටින් එකත් ගානට අහුනොවී හැන්ඩ්ල් කරගන්න එයාට පුලුවන් වුනා. හැම  වෙලේම වගේ  V විදියට ඉඳපු NIS චීෆ් වෙනුවට කතා කලේ බ්ලැකී.

     ඒක වෙන්න බැරි දෙයක් නේද. අන්ඩර්වර්ල්ඩ් එකේ සෙකියුරිටි එක අතින් ඉහලින්ම එන්න ගැන්ග් එකකට වෙන කෙනෙකුට නෙහෙම හොරෙන් රිංගන්න පුලුවන්ද . තමන්ගෙ ගැන්ග් එකේ කෙනෙක්ව අඳුරගන්න බැරි තරන්ම Red I මෙම්බර්ස්ල මෝඩද ?????

     ම්ම්ම් නැහැ. බ්ලැකී කියන්නෙ හොඳ ඉවසීමක් තියන කෙනෙක්. එයා එයාගෙ අරමුන වෙනුවෙන් අවුරුදු 5ක් තිස්සෙ බලන් හිටිය. සමහරවිට ඊටත් වැඩියෙන්. ජෙරම්ව එයා ඔත්තුකාරයෙක් විදියට ගැන්ග් එකට දැම්මත් එයා ජෙරම් එක්ක ලොකුවට කන්ටෑක්ස් තියාගත්තෙත් නෑ.බ්ලැකීට පුලුවන්කම තිබුන ජෙරම්ගෙන් තොරතුරු අරගෙන Red I බිස්නස් බ්ලොක් කරන්න.ඒත් RM කියන්නෙත් මෝඩයෙක් නෙමේනෙ. එහෙනම් එයා අනිවාර්‍යයෙන් දැන ගන්නව ඔත්තුකාරයෙක් ඉන්නව කියල.

       ඒ වගේම බ්ලැකීට මේ විදියට බය නැතුව මේ ගැන්ග් එකට එන්න V ගෙ හැසිරීමත් එක්තරා විදියක හේතුවක් වුනා. V කියන්නෙ ගැන්ග් එක ඇතුලෙ වෙනමම චරිතයක්. RM Hope දෙන්න V ගෙ අනන්‍යතාවය දැනන් හිටියත් ඔච්චර එයාල ලඟින් ඉන්න ටේමින් පවා එයා ගැන දන්නෙ නෑ. අත්‍යවශ්‍ය වෙලාවක මීටින්ග් එකක ඇරෙන්න ගැන්ග් එක ඇතුලෙදි V ගෙ කටින් එක වචනයක්වත් පිටවුනේ නෑ. ඒ නිසා තමයි කාටවත් V ගැන සැකයක් ඇති නොවුනෙ. කොහොම වුනත් V ගෙන් ඔය වගේ ප්‍රශ්නයක් අහල නිරපරාදෙ මැරුම් කන්න මෙම්බර්ස්ල කැමති වුනෙත් නෑ.

    එදා Red I ගැන්ග් එකේ මීටින්ග් එකෙන් පස්සෙ බ්ලැකී ගැන්ග් එකේ පොඩි පොඩි වෙනස්කම් කීපයක් කලේ සීරුවෙන්. මොකද එයාලගෙ ලොකුම ප්‍රශ්නෙ J hope නිසා. ගැන්ග් එක ඇතුලට බ්ලැකී එයාලගෙ ෆයිටර්ස්ලත් ඇතුල් කලේ කාටවත් නොදැනෙන්න. ඒත් කොච්චර පර්ෆෙක්ට් විදියට ප්ලෑන් කලත් බ්ලැකීගෙ ප්ලෑන්ස් වලත් පුංචි පුංචි අඩුපාඩුකම් නොතිබුනා නෙමේ.  එයා Red I ගැන සම්පූර්නයෙන්ම නොදැන ඉඳීමත් එක හේතුවක් වුනා ඒකට.

Under The Mask  ( Completed )Where stories live. Discover now