chapter 25

718 137 16
                                    

    මේ ඔක්කොම දේවල්.වෙන අතර ජියොන් මැන්ශන් එක ඇතුලෙ ටේක්යොන්ගෙ මරනෙන් වියරු වැටුන ටේහ්‍යුන්ව  එතන කාටවත් පාලනය කරගන්න පුලුවන්කමක් තිබුනෙ නෑ.

  " මම කිව්වා........... මම කිව්ව මොනවමහරි වෙයි කියල.......   ශික් මටත් යන්න තිබුන එයාල එක්ක."

  ඇස් දෙකත් රතු කරගෙන නහරත් පුප්පන් කෑගහන ටේහ්‍යුන් දිහා ජින් බයවෙලා වගේ බලන් හිටිය. නම්ජූන් ටේගේ කේන්තිය ගැන කොහොමත්  දැනන් හිටපු නිසා ටේගෙ හැසිරීම ගැන ගානක් උනේ නෑ. ජන්කුක් සුගා දෙන්නත් හිටියෙ කිසි දෙයක් හිතාගන්නවත් බැරුව.

  " ඇයි....... ඇයි... එයාවම.. ටේක්යොන් හ්‍යුන් කියන්නෙ මට අයිය කෙනෙක් වගේ. එක සහෝදරයෙක් උදුරගත්ත මදිවටද ටේක්යොන් හ්‍යුන්වත් මගෙන් උදුරගත්තෙ උන්.....  මම නැතිකරලම දානව.......    උබල හුස්ම ගන්නෙ තව ටික කාලයයි බ්ලැකී...........   "

  ටේහ්‍යුන් වියරුවෙන් වගේ කෑගහද්දි ජින් හෙමින් ටේහ්‍යුන් ලඟට කිට්ටු වුනා..... 

  " ටේහ්‍යුන් ටිකක් සන්සුන් වෙන්න බලන්න මල්ලියෝ.. වෙච්ච දේ අපි කවුරුත් හීනෙන්වත් හිතපු දෙයක් නෙමේනේ..... "

  " කට වහගන්නවලා... එක වචනයක් කියවන්න එපා ඔහේලා...  හැම වැඩේටම ප්ලෑන් B එකක් කිය කිය ප්ලෑන් හදන ඔයාලට බැරි උනාද මේකටත් මුකුත් කරන්න. නිරපරාදේ එයා මැරුම් කෑවා....  ඔයාලට ඒ ගැන  දුකක් නෑනේ........"

  ලඟට ආපු ජින්ව ටේ තල්ලු කරල කෑගහද්දි තල්ලු කරපු වේගෙට ජින්ව විසිවෙලා ගිහින් බිමට වැටුනා.

 "  ජින් හ්‍යූන්න්න්න්... "

  ජන්කුක් කෑගහගෙන ජින් ලඟට ගිහින් එයාව නැගිට්ටෙව්වා..

  " ඔයාට ප්‍රශ්නයක් නෑ නේද ජින් හ්‍යුන්.."

  " අනී අනී... ජන්කුකා මම හොඳින්.. ටේ ගැන බලන්න. එයාට එයාවම කන්ට්‍රෝල් නැහැ .."

  ජින් දිහා සමාව ඉල්ලන බැල්මකින්  බලපු නම්ජූන් නැවතුනේ ටේ ලඟ.

  ජින් මද හිනාවකින් ඔලුව වැනුවේ ඒකට කමක් නෑ කියන්න වගේ.

  " සන්සුන් වෙන්න ටේ... "

Under The Mask  ( Completed )Where stories live. Discover now