💓 Chapter 2 💓

609 110 31
                                    



================================
"ඒයි මෝඩයෝ පාර බලාගෙන යන්න බැරිද? පෝන් එක ඔබ ඔබ යන්නෙ නැතුව. ඔයා විතරක් නෙමේනෙ මේ පාරෙ යන්නේ. තව මිනිස්සුත් යනවා මේවගෙ 🤨🤨"

" අනේ මට සමාවෙන්න. මං ඔයාව දැක්කෙ නෑ 😟😟 "

"මොකක් ඔයා 😮😮😮😮 "

" ආාා...😮😮😮 ඔයා මොකද මෙහෙ කරන්නෙ 😯😯 "

" ඔයා නේද මගෙ අලුත් secretary??
⁣කොහද මේ මහ රෑ තනියම යන්නෙ. "

දැන් දන්නවනේ ඔයාලා මිනූව හැප්පුන ලයිට් කණුව මොකක්ද කියලා.
ඔව් ඔව්. ඒ නම්ජූන් තමා 😁😁

" මන් මේ කෑම ගෙනියන්න ආවා සර්. "

" ඇයි කඩෙන් කන්නෙ. "

" මගෙ යාලුවගෙ අත වීදුරුවකට කැපිලා. ඒක නිසා එයාට කෑම හදන්න විදියක් නෑ. ඉතින් අද කඩෙන් කන්නේ "

" ඉතින් ඔයාට පුළුවන්නේ කෑම හදන්න. "

" කෑම හදන්න පුළුවන්. ඒත් ඒවා කන්න තමා බැරි 🙃 "

මිනූ කිව්ව එකට නම්ජූන්ට හොඳටම හිනා. හදිස්සියෙම මිනූ කලබලෙන් මොනවද හොයනවා නම්ජූන් දැක්කා. නම්ජූන් ඇහුවා එයාගෙන් මොනවද හොයන්නෙ කියලා. බලනකොට ඒ දෙන්නා හැප්පුණ වෙලාවෙ මිනූගෙ අතේ තිබ්බ පොන් එක එතන තිබ්බ කාණුවකට වැටිලා. හොඳටම කුඩු පට්ටම් වෙලා. 😟 මෙන්න එක පාරටම මිනූ පාර මැද ඉඳන් මහ හයියෙන් අඬන්න ප⁣ටන් ගත්තා. පාරෙ යන මින්ස්සුත් මේ දෙන්නා දිහා හැරි හැරි බලනවා.

" අයියෝ මේ හලෝ... පාර මැද්දෙ අඬන්න එපා. ඔයාට ඒක වෙනුවට අලුත් එකක් ගන්න පුලුවන්නෙ."

" ඔයා නම් කියාවි. මට ඒක මගෙ ඔප්පා අරන් දුන්නෙ මගෙ birthday එකට😭😭😭 "

එහෙම කියලා මිනූ තව හයියෙන් අඬන්න ගත්තා. ඒත් එක්කම එතෙන්ට තව කෙනෙක් ආවා. ඒ ජින් හ්යුන්.
එයා නම්ජූන් දැකලා තමයි එතනට ඇවිත් තියෙන්නෙ.ඊටපස්සෙ නම්ජූන් වෙච්ච දේ ජින්ට කිව්වා. මිනූ තාමත් අඬන ගමන්. ඊටපස්සෙ කෝමහරි මිනූ අඬන එක නවත්තලා ගෙදර ගියා. ඒත් ගියේ පෝන් එක නැතුව.

" මොකද බන් උනේ. ඇයි පරක්කු උනේ. "

ආරෝ මිනූ ආපු ගමන්ම ඇහුවා.

Office Love (ᴋɴᴊ)  ✅Where stories live. Discover now