💓 Chapter 7 💓

563 99 35
                                    


" මේ ආරෝ කෑම නම් සුපිරියට තිබුනා. ඒත් මොකාාාක් හරි පොඩි අඩුවක් තියෙනවා කියලා හිතෙන්නෙ මට විතරද 😋😋😋 "

ජිමින් එහෙම කියන ගමන් දුන්යාගෙ දිහා බලලා දුන්යාට ඇහැක් ගැහුවා 😉

"යකූ මූ මොකාටද එන්න හදන්නේ. මේ කොටා දන්නෑ මගෙ තරම 😠😠"

එහෙම හිත හිත දුන්යා ජිමින්ට එරෙවුවා.

" අම්මෝ දුන්යා අපේ ජිමින් ඔප්පට ඔච්චර රවන්න එපා. එයා පිච්චිලා අලුවෙලා දියවෙලා පාවෙලා යයි 😅😅"

" අනේ මේ.... මං ඔය කාටවත් එරෙව්වෙ නෑ හරිද.😠😠 මේ කොටා තමයි මට ඇස් ගැහුවේ "

" අනාාා..... මැණික මන් ඔයාට නැතුව වෙන කාට ඇස් ගහන්නද පැටියෝ..😂"

" මොකක්ද කොටෝ තෝ ඒ කිව්වෙ. තව අඟල් දෙකක් කොට කරනවා හරිද. තමුසෙ දන්නෑ මන් කවුද කියලා 😠😠"

මේ දෙන්නගෙ වලිය නිසා කට්ටියට කාපුවා ආපහු එන්න තරමට හිනා😅😂 ඒ වුණත් ජිමින් තාමත් එක එක ඒවා කිය කිය දුන්යව හොඳටම කේන්ති ගස්සනවා. දුන්යා තරහ ගිහිල්ලා වැඩි කමට දැන් ඇපල් ගෙඩියක් වගේ රතු වෙලා 😁😁😁

" මෙයා තරහා ගියාම මාර cute අප්පා. මෙයා නම් මටම ගැලපෙනවා. දෙන්නත් එක්ක එකතු වෙලා දවසෙම රණ්ඩු කර කර ඉන්න තිබුණා"

ජිමින් එහෙම හිත හිත තාමත් දුන්යව අවුස්සනවා.මේ අතරෙ එක්කෙනෙක් තව එක්කෙනෙක් දිහා කන්න වගේ බලන් ඉන්නවා. ඒ වුණාට අනිත් කෙනා ඒ වගේ වගක් දන්නැතුව අර ඩබලගෙ රණ්ඩුව දිහා කට ඇරන් බලන් ඉන්නවා😅😅

" මේ ආරෝ නම්.....🤧🤧🤧 මං මෙච්චර මෙයාගෙ දිහා බලන් ඉනනවා. මෙයා මගෙ පැත්තවත් බලන්නෙ නැතුව කට බලිය වගේ ඇරන් හිනාවෙන හැටි විතරක්. මං මෙහේ ආවත් හරි මට මේ කෙල්ල එක්ක එක්ක එක වචනයක් තනියම කතා කරන්න බැරි වුණානේ.😑😖🤧🤧 ආායිෂ් මැසේජ් එකක්වත් දාන්න ඕනි. නැත්තම් මේක හරියන්නෑ. අපේ එවුනුත් කියවනවා කියවනවා ඉවරයක් නෑ. හිමින් තාලෙ ආරෝත් එක්ක මෙතනින් එළියට පැන ගන්න ඕනි 🤗🤗🤗 "

" යාාා ජිමින් ඔප්පා. දැන් ඕක නවත්තන්න.😅😅😅😅 "

" මේ මිනූ ..... ඇයි ඔයා ජිමින්ට ඔප්පා ඔප්පා ගාන්නෙ හැමතිස්සෙම..😑😑"

Office Love (ᴋɴᴊ)  ✅Where stories live. Discover now