💓 Chapter 10 💓

500 85 20
                                    

අද ජූන්ගෙ ඔෆිස් එකේ හෙන කලබලයක්. මොකද අද තමයි Lee Min Hoo එයාගෙ කමර්ෂල් එකේ වැඩ වලට මෙහෙට එන්නේ. කට්ටිය එකසිය ගානට වැඩ. හරේ දුවනවා මේහේ දුවනවා. කට්ටිය දුවන කලබලේට එක එක්කෙනාගෙ ඇඟේ වැදිලා වැටෙන්න ගිහින් අනූනවයෙන් බේරුණු අවස්ථා ගොඩයි... ඒත් අපේ අවාසනාවන්ත ජිමින් අද දෙතුන් පාරක් භූමි වන්දනාවෙ යෙදුනා.🤭🤭🤭 එකපාරටම ඔෆිස් එකේ කෙල්ලො ටික කෑ ගහගෙන මේන් ගේට් එකට ළඟට දිව්වා. ඒ පස්සෙන් මිනූයි සාරායිත් දුවන්න හදන්න කොට යුන්ගියි ජූනුයි ඒ දෙන්නව නතර කර ගත්තෙ බොහොම අමාරුවෙන්. කෙල්ලො දෙන්නට Lee Min Hoo එනවා කියලා ඇහුනම ඒ දෙන්නට දැන් කොල්ලො දෙන්නෙකුත් ඉන්නවා කියලා වගේ වගක් නෑ.... මොකද දෙන්නගෙම ෆර්ස්ට් ක්‍රෂ් එක Lee Min Hoo ඔප්පා. කොල්ලො දෙන්නට නම් ඒකට ටිකක් ඉරිසියයි.....

"මේ මිනූ දුවන්න නෙමේ..... ඉක්මනට ගිහින් අපේ කැබින් එකේ ඇති ෆයිල් එකක් මගේ මේසෙ උඩ තියලා. ඒක ඉක්මනට අරන් 20 වෙනි තට්ටුවට එන්න."

"අනේ ජූන් 🤧🤧🤧🤧 මට ඔප්පා බලන්න ඕනි 😣😣😣.."

" ඔයාගෙ මහලොකු ඔප්පා යන්නෙත් 20 වෙනි තට්ටුවට තමයි. එතන තමයි අපි ශූටින් කරන්නෙ... ඉක්මනට ඒ ෆයිල් එක අරගෙන එතනට එන්න. ආවම ඔප්පා දිහා දවසම බලාගෙන ඉන්න බැරිය... ඒ ෆයිල් එක ඉක්මනටම ගේන්න දැන් ගිහින්. ඒකෙ තමයි අද ශෙඩූල් එක තියෙන්නෙ..."

" අනේ මගේ ජූන්..... 😘😘😘 ඔයා නම් හරි හොඳයි. ඉන්න මන් ඉක්මනට ඒක අරන් එන්නම්."

" යමු මිනූ ... මාත් එන්නම්..."

" මේ ඔහේ කොහෙද යන්නෙ.... ඔයා මාත් එක්ක එන්න...."

" අනේ පූසෝ..... මටත් ඔප්පා බලන්න ඕනි..."

" හරි ඉතින් මන් යන්නෙත් එතනට තමයි. අපි දෙන්නා යමු දැන්. මිනූ ෆයිල් එක අරන් එතනට ඒවිනේ..."

" ඔව් සාරා. ඔයා යුන්ගි ඔප්පත් එක්ක යන්න. මන් සුටුස් ගාලා එන්නම්කො."

සාරයි, ජූනුයි, යුන්ගියි ශූටින් කරන හෝල් එකට ගියා. එයාලා එතනට ගිහින් විනාඩි 5 ක් විතර ගියාට පස්සෙ තමා ලී මින් හූ එතනට ආවෙ...එයා ආවෙ හතරවටේ බොඩිගාඩ්ලා දාගෙන....( ඔව් ඉතින් කෙල්ලොන්ගෙන් බේරගන්න එපැයි😂😂) ලී මින් හූ කලු පාට කිට් එකක් ඇඳලා හිටියෙ. ඔප්පා දැක්ක ගමන් සාරට නිකම් කරන්ට් එක වැදුනා වගේ.

Office Love (ᴋɴᴊ)  ✅Where stories live. Discover now