💓 Chapter 11 💓

453 91 40
                                    

අද තමයි ඒ දවස. කට්ටිය ට්‍රිප් එක යන දවස. හැමෝම උදේ පාන්දරම එයාලගෙ ලට්ට⁣ ලොට්ට ටිකත් අරන් කාර් 5 කින් එයාර්පෝර්ට් එකට ගියා. ජේජු අයිලන්ඩ් වලට යන ෆ්ලයිට් එක තියෙන්නෙ උදේ 7.00 ට. ඒත් උදේ 6.30 වෙනකොටම කට්ටිය එයාර්පෝර්ට් එකට ගියා. ෆ්ලයිට් එකට තව වෙලාව තියෙන නිසා මිනූයි, සාදිය, ජිමිනුයි, ටේයි එයාර්පෝර්ට් එකේ හරේ මෙහේ ඇවිද ඇවිද පොටෝ ගැහුවා.අනිත් කට්ටිය පාඩුවෙ වාඩි වෙලා හිටියා. යුන්ගි තාම නිදිමරගාතේ. සාරගෙ උරහිසට ඔලුව තියන් මොනවද මන්දා කියවනවා.

" මේ අපි අර අතනට යමුද.. එතන ලස්සනයි. හොඳ පොටෝ ටිකක් ගහගන්න පුලුවන් වෙයි අපිට."

මිනූ කට්ටියන්ටම එයාලා හිටපු තැන ඉදන් අඩි 10ක් විතර දුරින් තිබුණු කෘත්‍රීම දියඇල්ලක් හදලා තියෙන තැන පෙන්නුවා. එතන ගොඩක් ලස්සනයි. ඒ වගේම දියඇල්ලෙන් වැටෙන වතුර බිංඳු නිසා එතන පරිසරය හරිම සිසිල්. හතර දෙනාම එතනට ගිහින් එක එක විදියට ඉඳන් පොටෝ ගැහුවා. ඒත් එක්කම ඈත ඉඳන් හොබී කොල්ලො දෙන්නට පොඩි වැඩකට එතනට එන්න කියලා කතා කරා. සාදියි මිනූයි තනියම එතන තාමත් පොටෝ ගහනවා.

විනාඩි දහයකට විතර පස්සෙ එයාර්පෝර්ට් එකේ එක තැනක ලොකු කලබලයක්. සිකියුරිටි ගාර්ඩ්ලා තුන්දෙනෙක් කලබලෙන් වගේ ඒ තැනට දිව්වා. ට්‍රිප් එක යන්න ආපු සෙට් එකත් එයාලගෙ ෆ්ලයිට් එකට තව වෙලාව තියෙන නිසා එතනට ගියා. එයාලට එතනට ගියාම තේරුණා එතන කවුරුහරි ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි රණ්ඩු වෙනවා කියලා. සෙනඟ ගොඩක් හිටිය නිසා ඒ කවුද කියලා හරියටම පෙනුනේ නෑ. ජින් එතන හිටපු අයව එහෙට මෙහෙට තල්ලු කරලා රණ්ඩුව වෙන තැනට ගියා. එතන හිටියෙ වෙන කවුරුත් නෙමේ මිනූයි සාදියි. තව කවුද මන්දා කොල්ලෙකුත් හිටියා. මිනූ ඒ කොල්ලගෙ කොලර් එකෙන් අල්ලන් අර කොල්ලට හොඳටම බනිනවා. සාදි මිනූව නවත්තන්න කොච්චර උත්සාහ කරත් මිනූ ත නෙමෙයි නැවතුනේ. මේ සෙනඟ අස්සෙ ටේත් රණ්ඩුව තියෙන තැනට ආවා. අර කොල්ලව ටේ දැක්කා විතරයි ටේගෙ ඇඟේ මාලු නටන්න ගත්තා.

" සාදි මට කියනවා මෙතන මොකක්ද වෙන්නෙ කියලා 😡😡😡😡"

ටේ ඒ විදියට මහ හයියෙන් සාදිගෙ නම කියලා කෑ ගහපු නිසා අනිත් අයටත් තේරුණා මෙතන ඉන්නෙ සාදියි මිනූයි කියලා. ඒ ගොල්ලනුත් සෙනඟ අස්සෙන් රණ්ඩුව වෙන තැනට කොහොමහරි ආවා. සිකියුරිටි ගාර්ඩ්ලා එතන හිටපු සෙනඟ බොහොම අමාරුවෙන් අයින් කරා. ටේගෙ සද්දෙට බය වුණු මිනූත් අර කොල්ලගෙ කොලර් එක අතෑරියා. දැන් මෙතන ඉතුරු ට්‍රිප් එක යන්න ආපු කට්ටියයි අර කොල්ලයි සිකියුරිටි ගාර්ඩ්ලා තුන් දෙනා විතරයි.

Office Love (ᴋɴᴊ)  ✅Where stories live. Discover now