💓 Chapter 9 💓

500 92 50
                                    

අහස පුරාම පුංචි පුංචි තරු කැට පිරිලා.දැන් රෑ දොළහත් පහු වෙලා. බඩගින්න නිවා ගන්න කෑම හොය හොය පාරෙ ඇවිදින බල්ලන්ගෙයි පූසන්ගෙයි සද්දෙ ඇරෙන්න කිසිම සද්දයක් ඇහෙන්නෙ නෑ. පාර දෙපැත්තෙ තියෙන උස ගස් වල සෙවණැලි වලින් අමුතුම විදියෙ භයානක රටා මවනවා. කාර් එකේ ග්ලාස් එකෙන් එහා පැත්ත බලාගෙන මිනූ මේ රාත්‍රියේ සුන්දරත්වය විඳින ගමන් හිටියෙ. එහා පැත්තෙ ශීට් එකේ වාඩිවෙලා ඉන්න ජූන් කිසිම කතාවක් නැතුව කාර් එක ඩ්‍රයිව් කරනවා. මේ තරම් රෑ වෙනකම්ම මේ දෙන්නා හිටියෙ ඔෆිස් එකේ. මේ දෙන්නා විතරක් නෙමේ මේ දවස් වල ඔෆිස් එකෙන් බාගෙට බාගයක් කට්ටිය වැඩ ඉවර වෙලා ගෙදර යනකොට රෑ දහය එකොළහ පහු වෙනවා. හැමෝම මේ තරම් මහන්සි වෙන්නෙ ජූන්ගෙ කම්පැනි එකට ලැබිලා තියෙන අලුත් කන්ට්‍රැක්ට් එක වෙනුවෙන්.කොරියාවෙ දැනට ප්‍රසිද්ධම නළුවෙක් වෙන Lee Min Ho ගේ අලුත්ම කමර්ෂල් එකට ඉස්පොන්සර් කරන්නෙ ජූන්ගෙ කම්පැනි එක. ඒ නිසා මේ දවස් වල හැමෝම නිදි මරාගෙන ඒකට මහන්සි වෙනවා.සමහර වෙලාවට මෙයාලට කන්නවත් වෙලාවක් හොයාගන්න එක හරිම අමාරුයි. අද වගේම හැමදාමත් ජූනුයි මිනූයි වැඩ ඉවර වෙලා ගෙදර යනකොට රෑ දොළහ පහු වෙනවා. ජිමින්ශියි යුන්ගිශියි සාරායිත් එහෙමමයි. යුන්ගි හැමදාම සාරව ගෙදර ගෙනිහින් දානවා හරියට ජූන් මිනූව එක්කන් යනවා වගේ. ජිමින් ගොඩක් වෙලාවට යන්නෙ තනියම. සමහර දවස් වලට එයා ටේවත් එක්කගෙන තමයි ගෙදර යන්නෙ. ගොඩක් දවස් වලට දෙන්නත් එක්කම වැඩ ඇරිලා යන ගමන් සාදි බලන්න සාදිගෙ ක්ලිනික් එකට යනවා.අදත් ඒ වගේ දවසක්. මේ තරම් රෑ වෙලා තිබුණත් සාදිගෙ ක්ලිනික් එක රැයක් දවාලක් නැතුව කොයි වෙලෙත් ඇරලා තියෙන්නෙ අහිංසක සත්තු වෙනුවෙන්. සමහර දවස් වලට සාදියි දුන්යයි පාරවල් වල ඉන්න අසනීප වුණු අයිතිකාරයො නැති අසරණ සත්තුන්වත් එයාලගෙ ක්ලිනික් එකට අරන් ඇවිල්ලා එයාලට සනීප වෙනකම් බලාගන්නවා. ඊට පස්සෙ එයාලව සත්තු බලාගන්න තැන් වලට භාර දෙනවා. සාදියි දුන්යයි මේ විදියට අසරණ සත්තුන්ට උදව් කරලා ලොකු මානසික තෘප්තියක් ලබනවා. ටේයි ජිමිනුයි යන කොටත් සාදියි දුන්යයි හිටියෙ ඒ අයට පාරෙදි මුණගැහුණු පුංචි බලු පැටියෙක්ගෙ තුවාල වලට බෙහෙත් කරන ගමන්. ටේත් එතනට ගිහින් සාදිට බලු පැටියට බෙහෙත් දාන්න උදව් කරා. සාමාන්‍යයෙන් ටේ සමහර දවස් වලට මේ විදියට සාදිත් එක්ක එකතු වෙලා සත්තුන්ට බෙහෙත් දානවා. දුන්යා ඒ දෙන්නට ඒ වැඩේ කරන ගමන් නිදහසේ කතා කරන්න ඉඩ දීලා ක්ලිනික් එකෙන් එළියට ඇවිත් ජිමින්ගෙ කාර් එක ළඟට ගියා. ඒ වෙලාවෙ ජිමින් හිටියෙ කාර් එක උඩින් වාඩි වෙලා කාර් එකට අත් දෙකත් තියා⁣ගෙන අහස දිහා බලාගෙන. දුන්යා එයා ළඟට ඇවිත් විනාඩි කීපයක් ගියත් ජිමින් තාමත් ඉන්නෙ අහස දිහා බලාගෙන. දුන්යත් ජිමින් ළගින්ම ජිමින්ට එහා පැත්තෙන් කාර් එක උඩින් වාඩි වුණා. ඒ වෙලාවෙ තමයි ජිමින් දැක්කෙ දුන්යා එයාට එහා පැත්තෙ වාඩි වෙලා ඉන්නවා. දුන්යත් ජිමින් කරා වගේම කාර් එකට අත් දෙක තියාගෙන අහස දිහා බලාගෙන හිටියා.

Office Love (ᴋɴᴊ)  ✅Where stories live. Discover now