Chap.01

868 158 63
                                    

Minyeol's pov...

මගේ පුංචි පුතා වත්ත පුරාම දුවනවා. එයාගේ ලෝකෙ ගොඩාක් ලස්සනයි. දුවත් එයාගෙ පස්සෙන්මය්. කෙල්ල දැන් ටිකක් ලොකු උනත් එයා ආසය් මල්ලි එක්ක හුරතල් වෙන්න. ඉතින් දූත් පුතාගෙ පස්සෙන්ම දුව දුවා එයා එක්ක සෙල්ලම් කරන්න හදනවා.

"ඔම්මා... මේ බලන්නකූ... මට හම්බුන දේ... මේහ්"

කොල්ලා උඩ පැන පැන මගේ ලගට ආවෙ අල්ලට මොකක්දෝ මිටිමොලවගෙන.

මම හෙමින් එයාගෙ පුංචි ඇගිලි දිග ඇරියා. ඒ ඇස් දිලිසෙනවා. එයාගෙ අල්ලට හිරවෙලා තිබුනෙ රතු රෝස මලක්. මම දන්නවා එයා රෝසමල් වලට ගොඩාක් ආසය්. ඒත් ඒ මල දැන් එයාගෙ අත් අතර පොඩි වෙලා තැලිලා ගිහිල්ලා. රෝස මලේ ලස්සන නැති වෙලා.

"අනේහ්හ්..."

කොල්ලා බලාපොරොත්තු වෙන්න ඇති මල එයාගෙ අතට ගද්දි තිබුනා වගේම ලස්සනට මටත් පෙන්නන්න. ඒත් එයාගෙ අතේ තිබුණ රෝස පොහොට්ටුව දැන් තැලිලා. ඉතින් එයාගෙ මූණ මැලවිලා ගියා.

"මේ ඔම්මා.. මටත් තියනවා."

කෙල්ලත් දෝතට රෝස මලක් අරගෙන එනවා පරිස්සමට. කොල්ලා අල්ලට ගුලි කරගෙන ආවත් කෙල්ල ඒක අත් අතර තියාගෙන ආවෙ පෙත්තක්වත් පලුදු නොවෙන තරම් පරිස්සමට.

පුතා කටත් උල් කරගෙන එයාගෙ අතේ තියන මලය්, අක්කගෙ අතේ තියන මලය් දිහා මාරුවෙන් මාරුවට බැලුවා. කොල්ලගෙ මූණ තත්පර ගානකින් අදුරු වෙලා ගියේ මූණ ඊරිසියාවෙන් පිරෙද්දි. මූණත් බිමට හරවගෙන ටිකෙන් ටික කදුලු පිරුන බෝල ඇස් අගිස්සෙන් අක්කගෙ අතේ තියන රෝස මල දිහා බලබලා කොල්ලා දැන් හතරතට ඔරවනවා.

"ඒක ලස්සනය් නේද ඔම්මා?"

"ම්ම්ම්.. ඔව් මැණික. ගොඩාක් ලස්සනය්. ඔයාලා වගේම නැවුම් එයා.කඩතොලු නොවී පරිස්සම් කරන්න ඕනි පුංචි පොහොට්ටුවක් එයාත්."

දුවටනම් මගේ බරබර වචන පොඩ්ඩක් විතර තේරෙන්න ඇති. ඒත් පුතාට එහෙම නෑ. එයාට දැනටම ඇඩිලා ඊරිසියාවට.

"එතකොට මම මේ..*ස්ර්ස්*... මගේ මල වගේ *සුරුස්* කැත වෙලාද..?"

සූස් සූස් ගගා හොට්ට අදින අතරෙම කොල්ලා මුමුණනවා. එයාලා කැත නෑ. මගෙ දරුවො දෙන්නම තවමත් පිවිතුරුම මල් පොහොට්ටු. එයාලා ලස්සනයි... ගොඩාක් ලස්සනයි.

°DarkSide° || JJK [Completed]Where stories live. Discover now