Jungkook's pov
"කටවහපාන්!!"
මට එයාට බනින්න ඕනි. එයා කොහොමද එහෙම කතා කරන්නෙවත්.
ඒත් මට තවත් දරාගන්න බැ... මගේ විකාරයක් උන ඇගත් එක්ක මට මුකුත්ම කරගන්න බැරි උනා. කකුල් වෙව්ලන්න ගද්දි මට තවත් හිටගෙන ඉන්න පුලුවන් උනේ නෑ.
ඔම්-අනීහ් මින්‍යොල් මගෙ හියෝන්ව මරලා දාපු එකාව සාධාරණීකරණය කරද්දි අඩුම තරමෙ කෙලින් හිටගෙන ඉන්නවත් පන නැති එකට මම ගොඩාක් වෛර කරනවා. මට කෑ ගහන්න ඕනි. මගේ හියෝන් නෙවෙයි, එයාලය් මේ ලෝකෙට නොගැලපෙන මිනීමරුවො. එයාලය් හරිනම් මැරෙන්න ඕනි. අපි නෙවෙයි.
කාගෙදෝ අත් අතර හිර උන නිසා මම බිම ඇද වැටුනෙ නෑ කියලානම් මම දන්නවා. මගෙ කකුල් බිම දිගෙ ඇදිලා තිබ්බත් පිට කාගෙදො ඇගකට හේත්තු වෙලා තිබ්බා. සමහරවිට ටේහ්‍යුන් හියෝන් වෙන්න ඇති. මට එයාගෙ සුවද තදින්ම දැනුනා. හැමදාම මම අසරණ වෙද්දි මාව පරිස්සම් කරන ඒ උනුහුමේ සුවද මට කොහොමද අදුනගන්න බැරිවෙන්නෙ.??
"කුකියා... කුකියා..."
අපැහැදිලි බොද උන ඡායාවන් ගොඩාක් පේද්දි කවුදෝ මගෙ කම්මුලටත් කීපසැරයක්ම ගැහුවා.
මට නැගිටින්න පුලුවන්නම්... මට කෑගහලා දැනෙන හැගීම පිටකරගන්න පුලුවන් උනානම්...
ඇය් මට මෙහෙම උනේ....
හැමදේම බොද වෙලා ගියේ මගේ ශක්තිය නැත්තටම නැති කරලා.
.
.
.
.
.
.
වටපිටාවෙන් පුංචි පුංචි සද්ද ඇහෙනවත් එක්කම මට දැනුනෙ තද ඔලුවෙ කැක්කුමක්.
"මම කීපාරක්නන් කිව්වද ආහ්. තමුන්ව මෙතනට එව්වෙ ඒ ළමයව පරිස්සමින් බලාගන්න ටේ. පුලුවන් කමක් තිබ්බනම් මමම එයාව බලාගන්නවා. ඒ පොඩි එකාගෙ ඕනවට වඩා වැඩි ඔලුගෙඩිය නැත්තම් මම කීයටවත් ඔයාට මේ වැඩේ බාර දෙන්නෑ මන්ම කලොත් මිසක්"
"හියෝන් මන් ඉති"
"මන් කියලා ඉවර නෑ. මොකා මොකක් කලත් මට අදාළ නෑ. මම මෙතනට එව්වෙ මට විශ්වාසවන්තම එකා. අනිත් උන් මොනා කලත් මට වැඩක් නෑ. මට ඕන මගෙ වැඩේ කෙරෙන්න."
YOU ARE READING
°DarkSide° || JJK [Completed]
Fanfictionඔයාගෙ හැංගුණ ආදරේ දැකපු එකම කෙනා මමම විතරයි. මොකද ඔයා ආදරේ කලේ මටම විතරයි. ඒත් අපේ වැරැද්දක් නෑ මගෙ හියෝන්. ඊලග පාර වැඩි ආයුෂ තියන දෙමව්පියො ලග ඉපදෙමු. අපි ආයෙමත් මේ කතාව ලියමු. මට විශ්වාසයි ඒ වතාවෙදි අපේ කතාවෙ ආදරය පිරිලා තියේවි. ඒ කතාව මේ කතාවට වඩ...