Chap.07

301 95 4
                                    

Minyeol pov-

"ඇය් ඔම්.මා දොය්?"

"අර අන්කල්ලා ඔම්මව දොය් කල හින්දා."

"ඉතින් ඇය් මාව දොය් නො.කලෙ"

"ඔයා ඔම්මා තරම් දඟ කලේ නැති නිසා වෙන්නැති"

"ඔම්මා දඟ.ය්ද? හීහ්හිහිහිහ්හ් මමනම් දඟ නෑ"

"ඔයා තමය් ගොඩක්ම දඟ"

"ඒ උනාට මාව දොය් කලේ නෑනේ! මින්හු බබා දඟ නෑ"

"නෑ. ඔයා තාම පුංචි හින්දා එයාලා ඔයාව ගනන් ගත්තෙ නැ"

"මම පුංචි නෑහ්!!!"

කන ලගින්ම ඇහෙන බෙරිහන් දෙන සද්ද නිසා මම හිමින් හිමින් මගෙ ඇස් අරින්න උත්සහා කලා. බර පටවලා වගෙ වේදනා දෙන ඇස්පියන් එකකට එකක් ඇලිලා වගෙ මට දැනුනේ. අමාරුවෙන් ඇරගත්ත ඇස් වලට පේන බොද උන පරිසරය ගැන මට කිසිම අදහසක් තිබුනෙ නෑ.

ඒක හීනයක්ද? නිකම්ම විකාර හීනයක්!?

මම දැක්කා මිනිස්සු අපෙ ගෙදරට පැනලා මටය් දරුවො දෙන්නටය් කරදර කරනවා. එයාලා අපිව කොහෙට හරි අරගෙන ගියා. ඒත් ඒක වෙන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ??

ඇය් කවුරුමහරි අපිව කිඩ්නැප් කරන්නේ? සමහරවිට ඒ සූබින්ගෙ අප්පාවත්නම්.... ඒත් එයාට මේක කරන්න මීට කලින් ඕනි තරම් අවස්ථාව ලැබුනා.

ඒ කොහොම උනත්,
ලාවට ඇරෙන ඇස් ඉස්සරහා තිබුනෙ කොහොමටවත් මට පුරුදු අපේ පුංචි ගෙදර වටපිටාව නෙවෙයි.

කවුදෝ මගෙ ඔලුව අතගානවත් මට දැනුනා. මොකක්ද උනේ?

මේක විකාරයක් ! අනී තනිකරම විකාර හීනයක්! එහෙම වෙන්නෙ කොහොමද?මේ ජරා හීනයක්!මට නැගිටින්න ඕනි! දැන් ඇති. මේ විකාර හීනෙ ඇති. මට නැගිටින්න ඕනි.

"ඔම්මා? ඔයා නැ.ගි.ටල.ද?"

දූගෙ කටහඩ ඇහෙන පැත්තට මම හිමින් හිමින් ඔලුව හරවන්න උත්සහා කලා.

ඒත් දුව වෙනුවට මම දැක්කෙ තඩි මොකක්දෝ ලොකු හිල් දෙකක්... නහයක්?! මගෙ ඇස් ලගම තියනවා. මේ මොකද!?? ඇත්තටම බය හිතෙනවා...

තදින් දෙතුන් පාරක් ඇහිපිය ගහලා බලද්දිය් දැක්කෙ කොල්ලා මගේ මූණට එබිලා ඉන්න හැටි.හරියට නිකම් චිම්පන්සියෙක් වගෙ පෙනුනෙත්. ආය්ශ්! ඇය් ඔහොම මූණට එබිලා ඉන්නෙ? බයත් හිතෙනවා.

°DarkSide° || JJK [Completed]Where stories live. Discover now