Chap.17

230 76 84
                                    

ඉස්සෙල්ලම සමාවෙන්න බෝලස් අප්ඩේට් ටිකක් පරක්කු උනාට. මට මේ දවස් ටිකේ වැඩ වගයක් තිබුනා. කියවන අයට ගොඩාක් ස්තූතියි. ඒ වගේම පුලුවන්නම් දැනෙන දෙවල් මට කියන්න හොරෙන්ම නොයා.❤  මම ආසයි ඇත්තටම කතාව ගැන ඔයා හිතන විදිහ දැනගන්න.

ඒමනම් කතාවට යමූ.. 😉❤

_______________________________________________

Jungkook's pov-

"නැගිටින්ඩෝඕඕඕ.... බනී අජුස්සීඊඊඊ.. උදේ වෙලෝ!"

"ශ්ශ්.. කෑ ගහන්නෙපා. එක්කන් එන්නෑ මන් ආය ඔහොම කරදර කලොත්."

"ඉතින් අනේ මේ චූටිබබා මමත් නැගිටලා ඉද්දි බනි අජුස්සි දොය්යන්නෙ මොකටද? අනික ඔම්මා කීවා පු#ට ඉර වැටෙනකම් දෝගන්නෙ නරක ළමයිලු"

"ඒ උනාට බනී අජුස්සිට ඌය්යා වෙලා ඉන්නෙ. ඒ හින්ද එයාට ඩොක්ටර් අන්කල් කියලා තියෙන්නෙ හොදට නිදාගන්න කියලා."

"ඕහ්හ්.... ඔවා ඕක මට කලිනුත් කීවා"

"හනේ ඉතින් කට කැඩෙනකම් කිව්වත් තේරෙන එකක්යෑ...ඕක ජාන වල අව්ලක්. ඔය අමනකම ඔයාගෙ සම්චොන්ටත් අඩු නැතුව තියනවා"

ටේහ්‍යුන් හියෝන් මුමුණනවට වඩා හොදයි ස්පීකර් එකකින් කතා කලානම්. පුංචි එකාට තව ටේහ්‍යුන් හියෝන්ට වඩා හොදට රහස් කියන්න පුලුවන්. ටේහ්‍යුන් හියෝන්ගෙ වචන ඇහෙනකොට මට මැවිලා පෙනුනා ඇස් රෝල් කරන හැටි. හහ්... මට නේද මේ මනුස්සයා මෙහෙම කතාකරන්නෙ. ගත්තනෙ කරටම! දැන් අහන් ඉදපන් ජන්කුක්.

ටිකකින් මගෙ ඇද උඩට කෙනෙක් නගිනවා දැනුන නිසා මම බ්ලැන්කට් එකත් පැත්තකට කරන ගමන් දැන් නැගිට්ට ගානින් අත් එහෙමෙහෙ කරලා ඈනුමක් ඇරියා.

"ගුම්මෝනිම් බනී අජුස්සි"

"ගුඩ්මොනිම්"

මායි මගෙ පුංචි තට්ටයයි... මගේනම් මොකද කන ලගින් උඩට පොඩි ටැටූ එකක්වත් තිබුනා. ඒත් මගෙ පුංචි තට්ටයානම් වදුරු පැටියෙක් වගේ. දැන් තමා තේරෙන්නෙ මේ කොල්ලගෙ ලස්සන තිබිලා තියෙන්නෙ අර බොකුටු බොකුටු දුඹුරු පාර කොණ්ඩෙ. දැන් බිත්තර ගෙඩියක් වගෙ. බිත්තර ගෙඩියකට ඇස් දෙකකුයි නහයකුයි එක්ක චූටි කටකුත් ඇදලා වගෙ.

°DarkSide° || JJK [Completed]Where stories live. Discover now