Chap 06

320 105 12
                                    

Jungkook's pov-

"ආහ් නැගිට්ටද මහත්තයා!"

අන්ද්වේ(නෑහ්!)... අනේ මට හීනයක් පේනවා නේද මේ!?.

ආය්ශ්හ්... මේකනම් ඇත්තක් වෙන්න එපා. ප්ලීස් ප්ලීස් එපා.

"මොකද කන්න වගෙ බලාගෙන ඉන්නෙ. තමුසෙ බෙහෙත් ටික නොබී මොනාද කරන්නෙ කියනවා. ටේ කියනවා වෙලාවට බෙහෙත් ටිකත් දුන්නාලු. ඒත් තමුසෙ හරියට බීලා නෑ."

ජින් හියෝන් හෝ ගාලා කියවන්න ගත්තා. ජින් හියෝන් තමය් මගේ පෞද්ගලික වෛද්‍යවරයා. ඒ වගේම ටේහ්‍යුන් හියෝන්ගෙ හියෝන්.

හියෝන් ආවෙ කොය් වෙලාවෙද කියලා මට ගානක් නෑ. මට නින්ද ගිහිල්ලා තිබ්බේ. සමහරවිට උණ අරගෙන වෙන්නැති.

හියෝන් කොය් වෙලාවෙද ආවද, මොනා කලාද කියලා මම දන්නෑ. මගේ එහා පැත්තෙ සේලය්න් එකක් තිබ්බා. ඒ කියන්නෙ හියෝන් ඇවිත් ටිකක් වෙලා වෙන්න ඇති. කොහොම උනත් දැන් හියෝන් මගෙ කොන්ද කඩනවා කියලානම් මම දැනගෙන හිටියා. ආය්ශ්... කොහොමද මේ ඩොක්ටර්ස්ලා ඔක්කොම දැනගන්නෙ. ටේහ්‍යුන් හියෝන්වත් දැනගෙන හිටියෙ නෑ මම බෙහෙත් ටික බිව්වෙ නෑ කියන එක.

ටිකක් එහාට ඔලුව හරවලා බලද්දි ටේහ්‍යුන් හියෝනුත් අත් දෙක පපුවට බැදගෙන මාව පන පිටින් බාබක්‍යු දාන්න වගේ ඔරවන් බලාගෙන හිටියා.

බෙහෙත් නොබිව්ව නිසා වෙන්න ඇති එයත් පුප්පන්නෙ..

හ්ම්ම්ම්ම්... මම බිව්වෙ නෑ ඒවා. දවස ගානෙ පෙති විස්සක් විතර උගුරෙන් පහලට යවාගන්න එක ජොලි වැඩක් කියලද හිතන්නෙ?

හපෝ නෑ. ඒක එක විදියකට නොමරා මැරීමක්.

ඉතින් මේ දෙන්නා පුප්ප පුප්ප වාශ්ප වෙන්න හැදුවට මම මොනා කරන්නද?

ජින් හියෝන් අඩියෙන් අඩිය මගෙ ලගට ආවා.

"කියනවා මට... දවස් කීයක් මගෑරියද?"

හියෝන්ට මම ඇත්තටම ගොඩාක් බයය්. හියෝන් බනින්න ගත්තොත් කන් දෙක පුපුරන්න බැනුම් අහගන්න වෙනවා. ඊටවඩා,... අනේ මන්දා මම හියෝන්ට බයය්.

මගේ ලගට හෙමි හෙමින් අඩි තියපු හියෝන් පැන්න ගමන් මගේ දකුණු කන ඇගිලිතුඩු වලට තද කලා.

°DarkSide° || JJK [Completed]Where stories live. Discover now