Chap. 10

233 73 25
                                    

පෙර කොටසින්

"මෙයාලා මන් නැතුව මොනාවත් කරනවද?"

තමන්ටම මුමුණ ගත්ත ජන්කුක් බ්ලැන්කට් එකත් අය්න් කරගෙන කෙලින් උනා. ටිකකට කලින් බඩට දාගත්ත කෑම නිසා කොල්ලට සැලකිය යුතු ශක්තියකුත් තිබුනා.

ආයෙමත් ජින්ගෙ අමුතු හිනාව. මේ පාරනම් ජන්කුක් බ්ලැන්කට් එක අස්සට රිංගගත්තෙ මොකක් උනත් එලියට බහින්නැ කියලා හිතාගෙන.

මොකද කොහොම සද්ද දැම්මත් ජන්කුක්ගෙ යටිහිත ජින් එපා කියපු දෙයක් කරන්න ගොඩාක් බයය්. ඊටත් වඩා ජින් ගෙදර ඉන්න වෙලාවක..... හිතන්නවත් ඕනි නෑ!. ඉතින් පණ්ඩිත, නපුරු ජන්කුක් වැඩ පෙන්නුවෙ එයාට බය අයට විතරය්. එයා බය අයට නෙවෙයි.

____________________•••_______________________

Author's pov-

"ටේ, මමත් කනවා"

ටේහ්‍යුන් මේසෙන් වාඩි උන ජින් දිහා මූණ අමුතු කරගෙන බැලුවත් මුකුත්ම කියන්න ගියෙ නෑ. මේ ටිකකට කලින්නෙ ජින් හිගන්නෙක්ට දානයක් දුන්න ගානින් ගිලලා දැම්මෙ. සමහරවිට ජන්කුක් එක්ක වලි අල්ලද්දි කටවල් දෙක තුනක් ජින්ගෙ බඩට අඩුපාඩු වෙන්නැති. ඒමත් නැත්තම් දැනට ඇවිදපු ටිකට දහනය දිරවපු කෑම ටික ආපහු බඩට දාගන්න ජින්ට අදහසක් ආවද දන්නෙත් නෑනෙ. එහෙම හිතලා ටේහ්‍යුන් කොල්ලගෙ හිත හදාගත්තා.

මින්‍යොල්, සොහා දෙන්නම වාඩි උන විදියට එහෙම්ම හිටියා. මින්‍යොල් හිටියෙ ගේ වටපිටාව බලන ගමන්.එතකොට සෝහා, තවමත් හිතට දැනෙන බය නිසා කෑම මේසෙන්වත් අත තියන්න බය වෙලා හිටියේ.

ඒත් පුංචි කොල්ලටනම් ඒකෙ වගේ වගක් තිබුනෙ නෑ. දැකලාවත් නැති අමුතු අමුතු කෑම ගොඩක් මැද්දෙ ඩෙසට් වර්ගම හතරක් පහක් දකිද්දි කොල්ලගෙ හුස්ම හිරවෙන්න ආවා.

සේවිකාවොන්ට කෑම බෙදන්න අණ කරලා ටේහ්‍යුන් ටිකක් පස්සට උනා. එක එක කෑම ජාති තමන්ගෙ ඉස්සරහ තියන ප්ලේට් එකට වැටෙද්දි මින්හු බබා තව තව එබි එබි බැලුවා. කවුද දන්නේ සෙවිකාවො කොල්ලට පොඩි එකා කියලා හිතලා අඩුපාඩුවක්වත් කලොත් එහෙම.

අන්තිමට සේවිකාවො එයාලට ආචාර කරලා පස්සට වෙද්දිත් ජින් ඇරෙන්න එක්කෙනෙක්වත් ප්ලේට් එකට අතක්වත් තිබ්බෙ නෑ. ජින්නම් හිමින් සීරුවෙ එයාගෙ කෑම වේල රසවිදින්න පටන් ගත්තා.

°DarkSide° || JJK [Completed]Where stories live. Discover now