Chap.02

473 132 35
                                    

Athour's pov-

රැක් එකෙන් ගත්තු වොඩ්කා බෝතලයත් එක්කම වමතේ සුලැගිල්ලත් මුදුගිල්ලත් අතර වය්න් වීදුරුවක් රැදුනා. මහන්සිය කෙදිරියකින් පිට කරන අතරම බෙල්ල දෙපැත්තට කඩපු තරුණයා දකුණතින් ටය් පටිය ඇදලා බුරුල් කරගත්තා.

දවසම ටය් පටියකින් බෙල්ල හිරකරගෙන ඉන්න එකත් පේන තරම්ම ලේසි පහසු නෑ. ශර්ට් එකෙ බට්න් කීපයක් ගලවන අතරෙම ඒ කෙනා ඇවිදගෙන ගියේ ගෙදරින් එලියට.

හොදින් හැදුනු ඇගත්, දකින ඕනම කෙනෙක්ට දෙපාරක් හැරිලා බලන්න හිතෙන තරම් කඩවසම් බවකුත් ඒ ඒ කෙනාට තිබුනා. හැබැය් ඒ ඇගේ පෙනුම වගේ හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ අහින්සක මූණකුත් එයාට අය්තිය්. ඒත් දැන් ඒ මූණෙ අහින්සක කමක් නෑ. නිකම්ම නිකම් හැගීම් දැනීම් නැති සුදුමැලි උන අය්ස් කුට්ටියක් වගේ ඒ මූණ දැන්.

"පස්සෙන් එන්න එපා."

තමන්ගෙ පස්සෙන් එන්න හදන බොඩිගාඩ්ලා කීපදෙනාටත් සීතල කටහඩින් අණ කරපු තරුණයා ඉස්සෙල්ලම ඇවිදගෙන ගියේ රෝස මල් පදුරු ගොන්නක් ලගට. එතනින් දකුණතට පුරව ගත්තු රෝසමල් පොකුරත් අරගෙන ඒ කෙනා වත්තෙ කොනට වෙන්න තිබුන තමන්ගෙ ජීවිතේ වැඩිපුරම නිදහස දැනුන තැනට ඇවිදගෙන ගියා. සුදු පිරියම් කරපු සොහොන් කොත් කීපය ලගට. ඒ අතරිනුත් එකකට.

"ඔන්න මම ආවා...හියෝන්ව බලන්න ජන්කුක් ආවා."

පැය කීපයකට කලින් තියපු මැල උනු සුදු රෝස මල් වෙනුවට අලුත් රෝස මල් තියපු ජන්කුක් එතනින්ම එරමිණිය ඔතාගෙන වාඩි උනා.

ඒ වෙනුවෙන්ම වෙන් උනු වෙනමම සේවකයෙක් සොහොන් කොත් හැම උදෑසනකම පිරිසිදු කලා. හැම උදේකම සොහොන් කොත් ලග ලස්සන සුදු රෝස පොහොට්ටුවක් නවාතැන් ගන්න සැලැස්සුවා.

ඒත් සොහොන් කොත් තුනක් එක පෙළට තිබ්බත් ජන්කුක් ආව වෙලාවට රෝස මල් අලුත් උනේ එක විශේෂ සොහොන් කොතකට විතරය්. ජන්කුක් කතා කලේ එක විශේෂ කෙනෙක් එක්ක විතරය්.

ඔම්මටය් අප්පටය් කතා කරනවට වඩා කොල්ලට වැදගත් උනේ එයාගෙ නපුරු හියෝන් එක්ක කතා කරන්න. අලුතෙන්ම සොහොන් පුවරුව උඩට වැටිලා තිබ්බ මැරුනු කොල කීපය අත්ලෙන් පිහදලා අය්න් කරන ගමන් කොල්ලා හියෝන් එක්ක කතා කලා.

°DarkSide° || JJK [Completed]Waar verhalen tot leven komen. Ontdek het nu