Chap.03

356 114 35
                                    

Jungkook's pov-

මම ඇදේ හැම අතටම පෙරළුනා. තාමත් පාන්දර තුනය් වෙලාව. කැස්ස නිසාම මට හරියට නින්ද ගියේ නැ. ඊටත් වඩා මගේ ඇග ගොඩාක් රිදුනා.

මේ වේදනාවට ඉක්මනින්ම අවසානයක් දකින්න ඕනි මට...

හැමදේම විහිලුවක්. මට ඕනි ඉක්මනින්ම මැරෙන්න. හියෝන් ලගට යන්න. ඒ යන්නත් මම ඒ මිනීමරුවව මරලා යන්න ඕනි. හියෝන්ට ජීවත් වෙන්න නැති අවසරයක් මොකටද එයාට!? එයාටත් ජීවිතයක් වැඩක් නෑ.

මම බයය්. ඒ දේ කරන්නත් කලින්ම මට යන්න වෙය්ද කියලා. මොකද මට එහෙම වෙන්න ඕනි නෑ.මට ඕනි නැ ඌට ජීවත් වෙන්න දීලා මගෙ පලිය නොගෙනම යන්න.

"ඔයා සතුටින් ඉන්නවද හියෝන්?... මම ඉක්මනින්ම එන්නම්. මාව බලාගන්නවා නේද? අනේ එදාටනම් ආදරේ නොපෙන්නා ඉන්න එපා.එදාටවත් මාව තද කරලා බදාගන්න හියෝන්"

මට දුකය්... නූනා, නූනා දන්නැද්ද හියෝන්ව මරපු මිනිහා ගැන. ඇය් නූනා එයා එක්ක ජීවත් වෙන්නෙ. නූනට බෑ එහෙම කරන්න. ඒ හැමදේම බොරු නේද? නූනා සම්බන්ධ නෑ මගෙ හියෝන්ගෙ මරණෙට. නූනා මේ මුකුත්ම දන්නෑ. ඒ නිසය් එයාල එකට ඉන්නෙ. මේ ඔක්කොම අර ජරා මිනීමරුවගෙ ප්ලෑන්. නූනා වැරදි නෑ. උන් මට කිව්වෙ බොරු.

මම හෙමි හෙමින් මගේ අතීත මතක හාරව්ස්සන්න ගත්තා. ඒවා ගොඩාක් ලස්සනයි. අද මම ජීවත් වෙන තනිකම පිරුනු ජීවිතේට වඩා ඒ අවුරුදු කීපය මම පුදුම සතුටින් ගෙව්වා.

නූනා මට මමවත් නොදැකපු ඔම්මා වගේ උනා. හියෝන් පවා එයාට ආදරේ කලා. මම දන්නවා ඒක...

හියොන්මය් නූනව එයාගෙ අප්පගෙන් ඉල්ලගත්තෙ. මට වගේම හැංගුණ ආදරයක් නූනාටත් හියෝන්ගෙන් ලැබුනා. ඒත් නූනාට ඒක දැනුනද කියන්න මම දන්නෑ. මොකද හියෝන් හැම තත්පරේම ආදරේ කලේ හොරෙන් නිසා. මට වගේම නූනටත් එයා ආදරේ පෙන්නුවෙ නෑ. නූනාට උනත් තේරෙන්න ඇති.ඒත් එයා දැන් ඇය් ඒ මිනිමරුවා එක්ක ජීවත් වෙන්නෙ...

නෑ මගේ නූනා වැරැද්දක් කරන්නෑ...

පැය ගානක්ම මම කැස්සත් එක්ක ඔට්ටු ඇල්ලුවා. අද වෙනදට වඩා අපසහුවක් දැනුන නිසාම නින්ද අහලකටවත් ආවෙත් නෑ.

°DarkSide° || JJK [Completed]Where stories live. Discover now