Author's pov-
ජින් ජන්කුක්ට අවශ්‍ය ප්‍රතිකාර කරන තුරුම ටේහ්‍යුන් හිටියෙ බිත්තියට පිට දිගෙන. කොල්ලගෙ මූණට ඔක්සිජන් මාස්ක් එකක් දාලා තිබුනා. ජින් කිව්වෙ හුස්ම ගන්න අමාරු හින්දලු ඒක දැම්මෙ. මේ කාලෙදි හුස්ම හිරවෙන්න බලනවලු ...
ටේහ්‍යුන් ඒ මූණ දිහාම බලාගෙන හිටියා. ටේහ්‍යුන් මේ ගෙදරට ආවෙත් හරි අකමැත්තෙන්. උපාධිය ගත්ත ටේහ්‍යුන්ට ඕනි උනේ නෑ එයාටත් වඩා බාල කොල්ලෙක්ගෙ සේවකයෙක් වෙන්න. ඒත් ජින්ගෙ බලකිරිල්ල නිසා හරි හමන් රස්සාවක් හොයාගන්නකම් කියලා හිතාගෙන ටේහ්‍යුන් ජින්ගෙ රෝගියා ලග වැඩට ආවා. එහෙම ආවත් දැන් ටේහ්‍යුන්ට ඔන්නෑ එක අඩියක් ජන්කුක්ගෙන් ඈතට තියන්න.
ටේහ්‍යුන්ට මතකයි එයා එද්දි හිටපු නපුරු ජන්කුක්. එයාගෙ වෙනසක් නෑ තවමත් ඉන්නෙ ඒ නපුරු කොල්ලාමයි. ඒත් කාලෙත් එක්ක ටේහ්‍යුන් පුරුදු උනා ජන්කුක්ගෙ ඇතුළාන්තයෙන් කොල්ලව අදුනගන්න පිටින් පෙන්නන නපුරටත් වඩා. ඒ නිසාම වෙන්නැති ටේහ්‍යුන්ට මේ හැටි අමාරුත්.
ටේහ්‍යුන් මුලින් දැකපු ජන්කුක් පිරිපුණ් කෙනෙක්. එයාගෙ අත් වල තිබුන ටැටූ එක්ක කොල්ලා ඇත්තටම මහ නපුරු දාමරිකයෙක් වගෙ ටේහ්‍යුන්ට පෙනුනේ. ඒත් දැන් ඒ අතපය ඇදිලා ගිහිල්ලා. ටේහ්‍යුන් හරි ආසයි ආයෙමත් ජන්කුක් ඉස්සර වගෙ පිරිපුන් වෙනවානම්. ඒ ජන්කුක්ට පුටුවක් උස්සගන්න එක අතකුත් හොදටම ඇති. ඒත් දැන් ඉන්න ජන්කුක් අත් දෙකෙන්ම බදලත් පුටුව අල්ලගත්තෙ හරි අමාරුවෙන් කියන එක ටේහ්‍යුන්ම දැක්කනේ.
ටේහ්‍යුන්ට වෙලාවකට හිතුනා මෙහෙට එන්න ගත්ත තීරණය තමයි එයාගෙ ජීවිතේ එයා ගත්ත මෝඩම තීරණය කියලා. ඒ නිසා නෙවෙයිද ටේහ්‍යුන්ගෙ හිත අද මේ තරම්ම රිදෙන්නෙ...? ජන්කුක් කියන්න වගේ කිසි සම්බන්ධයක් නැති සේවකයෙක් උන ටේහ්‍යුන්ගෙ පපුව මේ හැටි රිදෙන්නෙ එයා ඕනවට වඩා ජන්කුක් එක්ක බැදුන නිසා නෙවෙයිද? ටේහ්‍යුන්ට ඕනි ජන්කුක් එයාගෙ පුංචි මල්ලි වෙනවා දකින්න. ඒත් ටේහ්‍යුන්ට බෑ අඩුම තරමින් ජන්කුක්ව පරිස්සම් කරගන්නවත්.
ජන්කුක්ට කලින් තරම් එකම දේකට අවධානය යොමු කරන්න බැ දැන්. කොල්ලට ගොඩාක් නිදාගන්නත් ඕනි උනා. එයා ගොඩක් දුර්වල උනා වගේම පුංචි දෙයක් කලත් ලොකු වෙහෙසක් දැනුනා. ජන්කුක්ට තිබුනෙ රන්වන් පාටට හුරු ලස්සන හමක්. ඒ හම දැන් නිලට හුරු අදුරු පැහැයකට හැරිලා. ටිකෙන් ටික උන වෙනසක් උනත් ටේහ්‍යුන්ගෙ ඇස් වලට ඒ දේ මගෑරුනේ නෑ.
YOU ARE READING
°DarkSide° || JJK [Completed]
Fanfictionඔයාගෙ හැංගුණ ආදරේ දැකපු එකම කෙනා මමම විතරයි. මොකද ඔයා ආදරේ කලේ මටම විතරයි. ඒත් අපේ වැරැද්දක් නෑ මගෙ හියෝන්. ඊලග පාර වැඩි ආයුෂ තියන දෙමව්පියො ලග ඉපදෙමු. අපි ආයෙමත් මේ කතාව ලියමු. මට විශ්වාසයි ඒ වතාවෙදි අපේ කතාවෙ ආදරය පිරිලා තියේවි. ඒ කතාව මේ කතාවට වඩ...