Chap.16

214 74 26
                                    


Author's pov-

"කුකී ඇයි එහෙම ඉන්නෙ? මට ඇත්ත කියන්න... මගෙ කුකීට මොකක්ද තියන අසනීපෙ?..."

මින්‍යොල්ට උත්තර දෙන්න ටේහ්‍යුන්ට ඕනි උනේ නෑ. ඉතින් කොල්ලා අත එහෙමෙහෙ කරලා මින්‍යොල්ගෙ අත් වලින් ගලවගන්න හැදුවෙ අහපු ප්‍රශ්ණයට කිසිම උත්තරයක් නොදී.

"මට කියන්න මොකක්ද ප්‍රශ්නෙ!? මම දන්නවා කුකී ඔහොම කොණ්ඩෙ කපන්නැ. කුකි දුර්වල ළමයෙක් නෙවෙයි. මම දන්න කුකී කවදාවත් දුර්වල කෙනෙක් නෙවෙයි."

මින්‍යොල්ගෙ ඇස් වල කදුලු පිරිලා. ඒත් ඒ වචන වලට ටේහ්‍යුන්ට ඇති උනේ ලොකු තරහක්. කොල්ලා බනින්න මින්‍යොල් දිහා බැලුවත් මින්‍යොල්ට පිටිපස්සෙන් පේන පුංචි උන් දෙන්නා නිසා කොල්ලා එයාගෙ කේන්තිය පාලනය කරගත්තා. වැඩිහිටියොන්ගෙ වැරදි වලට පුංචි උන් වන්දි ගෙවන්න ඕනි නෑ. අඩුම පුංචි හිත් රිදීමක්වත් ඒ අහින්සක හිත් වලට ඕනි නැ වැරැද්දක් නොකලකොට.

කොල්ලා මින්‍යොල්ට එපිටින් පුංචි මින්හු බබා දිහාට එබුනා.

"චූටි පැටියෝ... අක්කවත් එක්කගෙන ඔයාලගෙ රූම් එකට යනවද? ඔම්මටයි බෙයාටයි ලොකු අයගෙ කතාවක් තියනවා. පැටියට පුලුවන්ද අක්කා එක්ක පරිස්සමට ගිහින් ඔම්මා එනකම් අක්කව බලාගන්න."

ටේහ්‍යුන්ගෙ වචන ඇහෙද්දිම සෝහා පුටුවෙන් පැනලා ඇවිත් අම්මගෙ ඇදුමෙ එල්ලුනා. තවමත් ඩෙසට් කකා හිටපු මින්හු බබානම් හා කියන්න ඔලුවත් වනාගෙන පුටුවෙන් බිමට බැස්සෙ හරි සතුටින්. බෙයා එයාගෙන් උදව්වක් ඉල්ලුවනෙ. අක්කව බලාගන්න වගකීමකුත් දුන්නා. ඉතින් වගකීමක් දුන්නෙ කොල්ලා ලොකු කොල්ලෙක් හින්ද නෙවෙයිනම් වෙන මොකටද!.

"මැණික... යන්නකො මල්ලිත් එක්ක. ඔම්මා ඉක්මනින් එන්නම්"

මින්‍යොල් එයාගෙ ඇදුම කොනක් තද කරලා අතට ගුලි කරගත්ත කෙල්ලව එහාට කලා.

"ඔම්මා..."

"කෝ යන්නකො ඉතිම්. ඔම්මා ඉක්මනින් එන්නම්.මල්ලිව බලාගන්න."

උඩ පැන පැන ඇවිත් මින්හු බබාත් කෙල්ලගෙ අතේ එල්ලුනාම සෝහා එතනින් ගියෙ හරි අකමැත්තෙන්. එක ගාඩ් කෙනෙක් ඉතුරු වෙද්දි අනිත් ගාඩ්ලා දෙන්නත් දරුවො දෙන්නගෙ පස්සෙන්ම ගියා.

°DarkSide° || JJK [Completed]Where stories live. Discover now