Chap.12

217 76 20
                                    

Author's pov-

හොංකොං එද්දි අරගෙන ආපු ඔක්කොම ලැගේජස් පැත්තකට කරපු සූබින් වෙනම එකකට අත්‍යවශ්‍ය දේවල් පැක් කරන්න ගත්තා. එයා අරගෙන ආපු දේවල් හැමදේම එහෙම්මම තියෙද්දි කොල්ලා ලැගේජස් පුරෝගත්තෙ ඕඩර් කරපු ටොෆි චොක්ලට් වලින්, තව පුංචි පුංචි සෙල්ලම් බඩු, ඇදුම් ආයිත්තම් වලින්.

ක්ලෝසෙට් එකෙන් තෝරලා තෝරලා ඇදුම් දෙක තුනක් අතට ගත්තත් සූබින් ආයෙමත් ඒක ඇදට විසිකලා.

"නැ නෑ නැ නෑ ඕන්නෑ! ඇදුම් ගෙදර තියනවනෙ. ආය එන හින්ද ඕන්නෑ. ඒ වෙනුවට තව මොනාහරි දරුවො දෙන්නට දාගන්න ඉඩ තියමු."

හිනාවක් එක්ක තමන්ටම කිව්ව කොල්ලා බෑග් එකත් වහලා ඉණට අත් තියාගෙන හිටගත්තා. ඔක්කොම හරි!. කොල්ලට ආඩම්බරකාර හිනාවක් ගියේ මේ ටික දැක්කම පුංචි උන් දෙන්නගෙ මූණු එලිය වෙන හැටි මැවිලා. එයා තමයි ලෝකෙ ඉන්න හොදම තාත්තා... නැද්ද? එයා අඩුම තරමින් ලේන්සුවක්වත් බෑග්ගෙකට දාන්න මහන්සි උනේ නෑ ඒ වෙනුවටත් ටොෆි චොක්ලට් උස්සගෙන යන්න තියන උවමනාවට.

තඩි බෑග් තුනක්ම!, පුංචි උන් දෙන්නටම වෙන් වෙලා තිබුනා. කොල්ලා ස්ටාෆ් එකේ අයවත් අප්පගෙ ආරක්ශකයොවත් එක්කගෙන නොයන නිසා නැත්තම් ඒ බෑග් ගාන වැඩිවෙන්න උනත් ඉඩ තිබුනා.

මොකද සූබින් ගියත් හරි ඉක්මනින් ආපහු එන්න එපැයි. ඉතින් කලින් නිවාඩුව දරුවො එක්ක නොයිද ආපු එකට වගේම දැන් මේ පාරත් ගිය ගමන්ම එන්න වෙන එක නිසා පොඩි උන් දෙන්නා සූබින් එක්ක තරහා වෙනවා කියලානම් කොල්ලට සීයට දාහක් ශුවර්. ඉතින් ඒකට සමාව ගන්නයි යාලු කරගන්නයිත් ලේසි වෙන එකක් නෑ.

අනික එයාලා ආවත් හරි කතා කලෙවත් නෑ. ඉතින් ඇත්තටම තරහා වෙලා වෙන්නත් පුලුවන් සූබින්ට කතා නොකලේ.

අත් ඔරලෝසුවෙන් වෙලාව බලලා හිනාවක් එක්කම බෑග් තුනත් ඇදන් එලියට ආපු සූබින් ඒවා ඔක්කොම කාර් එකේ ඩිකියෙන් දැම්මා.

"අප්පා එනෝ!!"

පුංචි එකෙක් වගෙ අත් දිගෑරලා කෑගහපු කොල්ලා හිනාවෙවී ගිහින් කාර් එකට නැග්ගා. සින්දුවකුත් දාගෙන සද්දෙට කියන ගමන් කොල්ලා නටනටා ගියේ. උදේ පාන්දර නිසාම වදවෙන්න දෙයක් තිබුනෙ නෑ. අතුරු පාරවල් තාම මිනිස්සුන්ගෙන් පිරෙන්න තරම් එලිවෙලා තිබුනෙ නෑ.
.
.
.
.
.

°DarkSide° || JJK [Completed]Where stories live. Discover now