Chap.15

211 78 34
                                    

Author's pov-

කලුපාටම අදුරු කාමරේට එබුන ටේහ්‍යුන් බිත්තිය පුරා අත යවලා ලයිට් එක ඔන් කලා. ඇද උඩ තියන බෝලෙට ඉස්සුන බ්ලැන්කට් එක හෙල්ලෙන නිසාම කොල්ලා තේරුම් ගත්තා ජන්කුක් ඇහැරිලා බව.

"ජන්කුකා... කෑම කාමරේට ගේන්නද??"

"හා."

"හරි. මන් ගේන්න කියන්නම්"

"ඔයාටත් එක්කම ගේන්න.... තාම..කා.ලා.. නැත්තම් විත..රක්."

"ආහ්.. හරි.. මමත් තවම කෑම ගත්තෙ නැ. මුණ සෝදගෙන ඉන්න. මම ඉක්මනින් එන්නම්."

තවමත් බ්ලැන්කට් එක අස්සෙන් හාපැටියෙක් වගෙ ගුලි වෙලා ඉන්න කොල්ලට ආචාර කරලා ටේහ්‍යුන් එලියට ගියා.

ටේහ්‍යුන් ගිහින් තත්පර කීපයක් යද්දිම ජන්කුක් අමාරුවෙන් උනත් ඇදෙන් බැස්සා. විශේෂ අමාරුවක් නෑ කොල්ලට. ඒත් ඇගේ අගලෙන් අගලට හැමමොහොතකම පුංචි පුංචි රිදීම් ඇති උනා. හරියට කවුරුහරි සැරින් සැරෙ කොල්ලගෙ ඇගට ඉදිකට්ටෙන් අනිනවා වගෙ. ඊටත් වඩා කොල්ලට හැම මොහොතකම ලොකු තෙහෙට්ටුවක් දැනුනා.

ඒත් ජන්කුක් දුර්වල නැ. එයාගෙ ඇග දුර්වල උනත් කඩානොවැටෙන තරම් කොල්ලගෙ හිත තවමත් ශක්තිමත්. මොකද තවමත් සපුරගන්න බැරි උන අරමුණක් කොල්ලගෙ ජීවිතේ තියනවා. ඒක ඉෂ්ඨ කර නොගන්නා තාක් කල් ජන්කුක්ට නිදහසේ ජීවිතයවත් අතාරින්න බැරි වේවි.

වොශ් කරගෙන ඇදුම් මාරුකරගත්ත කොල්ලා කණ්නාඩිය ඉස්සරහට ගිහින් එයා දිහාම ටික වෙලාවක් බලාගෙන හිටියා. ඉස්සර එයා ඇග වෙනුවෙන් වෙනමම කාලයක් වෙන් කලා අනිත් තරුණ වයසෙ අය වගේම. එයාට හොද ඇගකුත් තිබුනා. ඒත් කෝ දැන් ඒ පිරිපුන් ඇග?
කොල්ලා ඇදිලා ගිහින්. තදට තිබුන මස්පිඩු දැන් දුර්වලයි වගේ.

ඊළගට කොල්ලා කණ්නාඩියටම එබුනෙ එයාගෙ කොණ්ඩෙ ඇගිලි වලින් එහෙමෙහෙ කරලා බලන ගමන්.

"ශිට්... ඔයාවත් මට දැන් හරියන්නෑ වගේ...."

ලාවට මුමුණපු කොල්ලා කොණ්ඩෙ අතෙන් එහෙමෙහෙ කරකර බැලුවා ටේහ්‍යුන් සේවිකාවෝ කීපදෙනෙක් එක්ක එනතුරුම.

ටේහ්‍යුන්ගෙ කෑම වේලත් ජන්කුක්ගෙ කාමරෙ පොඩි මේසෙ උඩම ලෑස්ති වෙනකොට ජන්කුක්ට දගකාර හිනාවක් ගියා. කොල්ලට සතුටුයි තනියම කන්න සිද්ධ නොවුන එකට. කාටද පුලුවන් තනියම කෑම කන්න?. ඒක හරි අමාරු දෙයක්.

°DarkSide° || JJK [Completed]Donde viven las historias. Descúbrelo ahora