Chap 04

312 107 18
                                    

Athour's pov-

ටේහ්‍යුන්ගෙ අතින් අල්ලගෙන මින්හු උඩ පැන පැන ඉස්සරහින් දුවද්දි සාක්කු වල අත් ඔබාගත්ත ජන්කුක් ඒ දෙන්නගෙ පිටිපස්සෙන් ඇවිදගෙන ගියා. ජන්කුක් පොඩි කාලේ ඔහොම යන්න ගොඩාක් ආසය්. එයාටත් ඕනි උනා ඔය විදියට කෙනෙක් එයා ගැන හොයලා බලද්දි දැනෙන හැගීම විදින්න.

ජන්කුක් දාගෙන ඔරවනවා. අනිත් ගාඩ්ලට කොල්ලාගෙ පස්සෙන් එන්න එපා කිව්වෙ ආරක්ශාවට ටේහ්‍යුන් ලග ඉන්න නිසා. ඒත් සතුටුය් කියන්න ඒ ආරක්ශාවට හිටපු එකාට දැන් ජන්කුක් කියලා එකෙක් ඉන්නවාදත් අමතක වෙලා.

දෙන්නත් එක්ක උඩ පැන පැන රිංගපු සුපර්මාකට් එකටම ජන්කුක්නුත් දොර වැහෙන්න කලින් පැන ගත්තා. මොකද කොල්ලට දොර අරින්නවත් සාක්කුවෙ ඔබාගත්ත අත් දෙක එලියට අදින්න කම්මැලි. ටේහ්‍යුන් පොඩි එකා එක්ක බඩු ඇද ඇද ඇවිදිද්දි ජන්කුක් ඔහේ බලාගෙන හිටියා. එයාට නොලැබුන ලස්සන ජීවිතයක් ඒ පොඩි එකාට තිබ්බා නිසා ලාවට දැනුන ඊරිසියාවකුත් එක්ක.

" චොක්කෝ!!... නූනටය් මටය්.."

"යේහ්...ඔයාට දෙකාය්. තා එකාය්...  තුනක් ගමු අපි"

ටේහ්‍යුන් එතන තිබ්බ ලොකුම චොකලට් බොක්ස් තුනක් මින්හුගෙ අතේ තිබ්බා. මින්හුටනම් සතුටෙත් උපරිම. අඩුම තරමින් කොල්ලා මේ නොදන්න මිනිහෙක් එක්ක ඉන්නෙ කියලාවත් කොල්ලට ගානක් නෑ.

"ඔම්මටත් තියනවා"

මින්හු බෙරිහන් දුන්නෙ සතුටට උඩ පැන පැන. චොකෝ බොක්ස් තුනක්! ඔම්මටත් එකක් තියනවා. ඔම්මට එකක් කියන්නෙ කොහොමත් කොල්ලට දෙකක් කියන එකනෙ. නෑ ඉතින් ඔම්මා ලොකුය්නේ. පොඩි බබාට චොකෝ බොක්ස් එක දෙන එක ඔම්මගෙ යුතුකම.

"ඒය්! ඒක මට!"

ටේහ්‍යුන්ගෙ කට නිකම් සත පනහා වගේ. කොල්ලා චොක්ලට් බොක්සස් තුනක්ම ගත්තෙ කොල්ලටත් එක්ක. ඒවා ඉතින් ඔය පොඩි කාලෙ සපුරගන්න බැරි උන සමහර ආසාවල්නෙ. ඉතින් ටේහ්‍යුන් එයාට කියලත් තඩි චොක්ලට් බොක්ස් එකක් ගත්තා. ඒත් ඉතින් මින්හු දැන් පෙට්ටි තුනම බදාගෙන.

"මේක මගේ..."

"හරි ඕක තියාගන්න ඒනම්. මට තා එකක් අරන් දෙනවා අර අන්කල්."

°DarkSide° || JJK [Completed]Where stories live. Discover now