Author's pov-
මින්‍යොල් වාහනෙ නවත්තන්නත් කලින් දොර ඇරගෙන එලියට පැන්නා. තත්පරයකවත් ඉවසීමක් නොදැනෙද්දි එයා ලොකු මන්දිරේ දිහාවට දුවගෙන ගියේ සෙරෙප්පු නැති කකුල් තුවාල වෙන බවවත් ගානක් නැතුව.
"අනේ.. ඉන්න.. ප්ලීස්.. ඉන්න. මන්.. එනකම්... බෑ. මේක බොරු...."
පිස්සියක් වගෙ එකම වචන ආයෙ ආයෙමත් ඒ තොල් අතරින් පිටපැන්නා. සූබින් දරුවො දෙන්නත් එක්කම වාහනෙන් බහිද්දි මින්‍යොල් ගේ දොරකඩටම ගිහින් ඉවරයි.
මින්හු බබා නොදැනිම අක්කගෙ අතක් තද කරලා අල්ලගත්‍තා. කොල්ලට ඒ හැටි ගානක් නෑ. පුදුමෙකටත් වඩා කොල්ලට තිබුනෙ සතුටක්, හරි කලබලයක්. එයාට ඉක්මනින් බෙයාවයි, බනී අජුස්සිවයි හම්බෙන්න ඕනි. ඒත් අපරාදි මින්හු බබාට අඩුම අතේ ටැටූ ගහන් එන්නවත් බැරි උනා ඔම්මගෙ කලබලේ නිසා. අනික කොල්ලගෙ කොණ්ඩෙත් සුට්ටම සුට්ටක් වැවිලා. ඒ කොණ්ඩ ටික කතුරට අහු නොවුන තරම් පුංචි කොට ටිකක් නිසා තමයි තවමත් ඔහොමහරි ඉතුරු උනේ. අබොජි කොල්ලට ඒක කපලා දුන්නෙත් නැ.
සෝහා හිටියෙ පපුවෙ සද්දෙ එයාටම ඇහෙන තරම් බය වෙලා. ඔම්මා අඩනකොට.. එයාට බයයි. එයා හරිම ආසාවෙන් හිටියෙ ආයෙත් මේ ගෙදරට එන්න. ඒ උනාට එයාට දැන් හිතෙනවා නෑවිත් ඉන්න තිබුනා කියලත්. එයාට බය හිතෙනවා. මල්ලි වගේ නෙවෙයි ඒ හිතට වැඩිහිටියොන්ගෙ අමුතු වෙනස්වීම හොදට දැනුනා.
සූබින් දරුවො දෙන්නවත් තමන්ට ලන් කරගෙන පුලුවන් තරම් අඩි ඉක්මන් කලා. එයාට ඕනි උනේ නෑ ජීවිතේට තවත් මහා පසුතැවීමක් එකතු කරගන්න.
වේගෙන් වේගෙන් අඩි තියන මින්‍යොල්ව එක ගාඩ් කෙනෙක්වත් නැවැත්තුවෙ නෑ. කාලයක් පුරා එයා ජීවත් උන ඒත් ලගදි එයාට යන්න තහනම් උන කාමරේ දොරෙන් එයා ඇතුළු උනා හරි ඉක්මනින්ම. එයා මුල් කාලෙදි ජන්හ්‍යුන් එක්ක බෙදාගත්ත කාමරේ. මේ වෙද්දි ජන්කුක්ගෙ කාමරේ.
"අනේ.. ජන්කුක්.. ඔයාට බැ.. මම. මම ඔයාගෙ හියෝන් මිනිහො. එයාට වඩා මටයි ඔයාගෙ අයිතිය තියෙන්නෙ. ප්ලීස්... මාත් එක්ක.ඉන්න ජන්කුක්.. අනේ... මන්.. මන් යන්න දෙන්නෑ.. බෑ. අනේ.. ජන්කුක් ..."
YOU ARE READING
°DarkSide° || JJK [Completed]
Fanfictionඔයාගෙ හැංගුණ ආදරේ දැකපු එකම කෙනා මමම විතරයි. මොකද ඔයා ආදරේ කලේ මටම විතරයි. ඒත් අපේ වැරැද්දක් නෑ මගෙ හියෝන්. ඊලග පාර වැඩි ආයුෂ තියන දෙමව්පියො ලග ඉපදෙමු. අපි ආයෙමත් මේ කතාව ලියමු. මට විශ්වාසයි ඒ වතාවෙදි අපේ කතාවෙ ආදරය පිරිලා තියේවි. ඒ කතාව මේ කතාවට වඩ...