11

356 113 38
                                    

නාදන්ට සංවිධානයේ සාමාජිකයන්ගෙන් ලැබුණු අමුතු බැලුම් මධ්‍යයේ දැනුණේ මහත් අපහසුවකි. ඔහු කිසිදාක විශාල අවධානයකට කැමති නොවූ අතර එය ඔහුට දුන්නේ අප්‍රියජනක හැඟීමකි. 

'ඔත්තු දීලලු...' යමෙකු මුමුණනු නාදන්ට ඇසිණි. 

'කවුද දන්නෑ...' 

'හමුදා කඳවුරේ ඉඳන් එයාලා නිදහස් වුණේ කොහොමද?' 

'හරිම අමුතුයි...'

'දේවකුමාරන් මැරිලලු...' 

සියල්ලන්ගේ මිමිණීම් මධ්‍යයේ කාර්‍යාලයට ළඟා වූ පසු පුහුණුකරු විසින් ඔවුන්ව ඇතුළට කැඳවාගන්නා ලදි. 

විනාඩි පහළවක් පමණ යනතුරු කිසිවෙකුත් හඬ නොනැගි අතර නාදන් අපහසුවෙන් මෙන් කකුලකින් කකුලකට බර මාරු කරමින් පසුවිය. 

'අහ්ම්...' පුහුණුකරු සෙමින් ඇරඹීය.

'දේවකුමාරන් මැරුණා?'

දේව් හා නාදන් හිස වැනීය. 'ඔව්.'

'පාවලා දීලා?' 

නැවතත් තරුණයන් දෙදෙනා හිස වැනීය.

පුහුණුකරු නාදන් හා දේව් ලෙස බලා සිටියේ දෙදෙනාගෙන් යමෙකු කිසිවක් පවසාවි යන බලාපොරොත්තුවෙන් මෙනි. 'නාදන්...'

නාදන් හිස ඔසවා බැලුවේ මෙය නෙතිඳු සම්බන්ධ ගැටළුවක් බව කල් තියාම දැනගෙනය. 

'ඔයාට සිංහල යාළුවෙක් ඉන්නවා නේද?' 

නාදන් හිස වැනීය.

එම කාමරයේ පිරී තිබූ නිහැඬියාව ඔවුන්ට ගෙන දුන්නේ අප්‍රියජනක බියකි.

'එයා එක්ක සම්බන්ධ වෙලා කොච්චර කල් වෙනවද අන්තිමට?' පුහුණුකරු ඇසීය.

'සතියක්?' නාදන් බියෙන් මෙන් මැතිරුවේ දෑස් යටින් බලමිනි.

'සතියක් කියන්නේ ඔයාට මෙහෙයුමේදි එයාව හම්බුණාද?' 

නාදන් හිස වැනීය. 'ඔව්... එයා එයාගේ පැත්තෙන් මෙහෙයුමට ඇවිත් හිටියා. එයාට වෙඩි වැදුණා හැබැයි.' 

නාදන්ගේ කතාවේ කොටස් අඩු බව පුහුණුකරු අත්දැකීමෙන් දනී. කෙසේ මුත් නාදන්ගේ මුහුණේ තිබූ අවංක බව නිසාම පුහුණුකරු සුසුමක් හෙලා එය එතැනින් නැවැත්වීය.

මුලාව | The Lost [✅]Where stories live. Discover now