(අද නොවැම්බර් විසි තුන - නිසල්ට සුබ උපන්දිනයක් පතාගෙන ගියා නම් කට්ටිය?)
නෙතිඳු සතියක් පුරාවට නිවසේ කල් ගත කළේ මිය ගිය තැනැත්තෙකු නිවසේ සිටින ආකාරයෙනි. උදෑසනම අවදි වන ඔහු නගරයේ පුස්ථකාලයට ගොස් රාත්‍රිය උදා වන තුරු එහි කල් ගත කරයි.
පියවරුන් දෙදෙනා පැමිණෙන වේලාව ආසන්න වද්දී ඔහු නගරයෙන් පිටව පැයක පමණ පා ගමනකින් නැවතත් නිවස කරා පැමිණෙයි.
නෙතිඳුගේ ජීවිතයේ රාත්‍රීන් හා දිනයන් සියල්ල එක සමව ගෙවිණි. ඔහුට ගත වන වේලාව පිළිබඳ පැහැදිළි අවබෝධයක් නොතිබුණු අතර අතට ලැබෙන යමක් ආහාරයට ගෙන ජීවත් වීම ඔහුගේ ඒකායන පරමාර්ථය විය.
නැවත වරක් හමුදා සේවයට බැඳීමට ඔහුට අවැසි වී තිබිණි. බුද්ධි අංශයට නොහැකි නම් අවම වශයෙන් හෙද බලකායට හෝ බැඳීමට ඔහුට තදින්ම අවැසි වී තිබිණි.
නිවසින් ඈත්ව නිදහසේ කල් ගෙවීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව විය.
එක් දිනක ඔහු නිවසට පැමිණෙන විට මධ්‍යම රාත්‍රියට ආසන්නව තිබිණි. අධික වෙහෙස නිසාවෙන් කිසිවක් ආහාරයටද නොගෙන බිම වැතිරුණ විගසම ඔහු නින්දට වැටිණි.
පසු දින උදෑසන අවදි වන විට ඔහුගේ හිස බඹමින් තිබුණේ පසුගිය රැයේ වෙහෙස නිසාවෙන්මය. හිස ඔසවා බැලූ ඔහු දුටුටේ මුදුන් වී ඇති හිරුය.
නගරයට යෑමට දැන් පමා වැඩි බව ඔහු හොඳින් දනී. ඔහුට නැවතත් නගරයට යෑමට තරම් කයේ ශක්තියක් ඉතිරිව තිබුණේද නැත.
නෙතිඳු බිම හිඳගෙන මද වේලාවක් අහස දෙස බලා සිටියේ නිවසේ සිටිය යුතු ආකාරය ගැන සිතා ගත නොහැකිවය.
YOU ARE READING
මුලාව | The Lost [✅]
General Fictionවසර තිහක් පමණ පැවතියා වූ ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරදී ඇතිවන බැඳීම හේතුවෙන් සිංහල තරුණයෙකු හා දමිළ තරුණයෙකු අනතුරට පත්වෙයි. එම පත්වන්නා වූ අනතුර කායික නොවූවද මානසිකව සහ නීත්‍යානුකූලව ඔවුනට වද දෙයි. ප්‍රේමයක් දක්වා දුර දිග නොගියද අතර සහෝදර බැඳීමකින්...