18

318 92 102
                                    

1999 වසරේ ජය සිකුරු මෙහෙයුමට විරුද්ධව සටන් වැදීමට පෙරමුණට යාමට නාදන්ට සිදු විය. ඔහුට එවකට වයස දහ අට පිරුණා පමණි. නාදන්ට එහි යාමට සිදු වූයේ සෙබල හිඟය සංවිධානයට තදින්ම පැවති බැවිණි. යාපනය  අර්ධ ද්වීපයට ගොඩබිම් මාර්ගයක් ඇති කිරීමට හමුදාවට ඇති වූ වුවමනාවයි.

වසර දෙකක් පුරා සටන ඇදී ගියද එකදු පාර්ශවයක්වත් පසු බසින ආකාරයක් කිසිවෙකුටත් දකින්නට නොලැබිණි. 

1997 වසරේ ඇරඹුණු ජය සිකුරු මෙහෙයුම් සටන තවමත් ඇදී යන බව නාදන්ට විශ්වාස කිරීමට හෝ නොහැකි විය. සටන ඇරඹුණු මුල් කාලයේ කොලරාව වසංගතය පැතිරී ගිය ආකාරය නාදන්ට මතකය. එයින් ඔවුන්ට සෑහෙන ප්‍රමාණයක සෙබළ ශ්‍රමය අහිමි වූ අතර ඉතිරි දෙනාද සිටියේ අඩ පණවය. ඔවුන්ව සුව වීමටත් පෙර නැවත නැවතත් පෙරමුණට යවද්දී තමා හා තවත් කීප දෙනෙකු අන්ත අසරණව බලා සිටියා නාදන්ගේ මතකයේ තදින් සටහන් වී ඇත.

ඔවුන්ට පෙරමුණට යාමට තරම් පුහුණුවක් නොතිබූ බැවින් ඔවුන්ව යොදවා තිබුණේ පෙරමුණේ සිටි පුද්ගලයන්ට ආහාර යැවීමටයි. කොලරාව වසංගතය සෑදීමට හේතුව නරක් වූ ආහාර වූ බැවින් ආහාර වලට අපහසුවෙන් වුවද අධික අවධානයක් වැය කිරීමට සංවිධානයට සිදු විය. 

ඒ අතරේ නාදන්ට තම පියාව මුණ ගැසිණි. 

සෙබළ ශ්‍රමය අවම වූ අවස්ථාවේ සියලුම ගම් වැසියන් එක් තැනකට රැස් කොට අවි පුහුණුව ලබා දීමට ඔවුන්ට සිදු විණි. මහලු පුද්ගලයන්ට, ගැබිණියන්ට හා වෙනත් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ඇරෙන්නට අනික් සියලු දෙනාටම අවි පුහුණුව ලබා ගැනීම අනිවාර්‍ය විය. පුහුණුව ලබා නොගත් සියල්ලන්ගේ සලාක මළු කපා හැරෙන බවට දැනුම් දුන් නිසා ගම් වැසියන් අපහසුවෙන් හෝ සටන් පුහුණුව ලබා ගත්හ.

කෙසේ වුවද සිවිල් බටයන් අධික ප්‍රමාණයක් ජය සිකුරු මෙහෙයුමට විරුද්ධ සටනේදී මිය ගියහ. පුහුණුවට පැමිණි දාක නාදන් තම පියාව දිටීය.

ඔහුට දැනුණේ ඔහුගේ උගුරේ කෙළ ගුලියක් හිර වන්නාක් මෙනි. පියා තමා දෙස බලනවා දුටු බව නිසැක වුවද ඔහු අහක බලාගෙන ගමන් කළේ ඔහුට පියාට මුහුණ දීමට තරම් සවියක් නොතිබූ බැවිනි. නාදන්ට එදා දුර්වල බවක් දැනිණි. ඔහු නිහඬව තමාට අයත් කොටස කළා මිසක් කිසිවෙකු හා මුසු වීමටවත් නොගියේය.

මුලාව | The Lost [✅]Where stories live. Discover now