32

305 82 153
                                    

 2003 වසර වද්දී ඔවුන්ගේ සාම ගිවිසුම් බිඳ වැටී තිබිණි. නිසල් නිතර නිතර රාජකාරියේ යෙදුණ අතර නෙතිඳුට රෝගීන් අතරින් ගැලවී යාමට ඉඩක් නොතිබිණි.

ඔවුන් දෙදෙනා නිතර නිතර හමු නොවූවද හමු වූ අවස්ථාවල නිමක් නැති කතා බස්වලින් ඔවුන්ගේ ජීවිත පිරී තිබිණි.

නෙතිඳුට නාදන්ව මතක් වූ අවස්ථා නොවුණා නොවේ. නමුත් නිසල් සිටියදී නැවතත් පරණ මතක හරා ගැනීමට ඔහුට අවැසි නොවීය. 

දෙදහස් තුන වසරේ මැදක් වනතුරුත් නෙතිඳු නිවසට යෑමට උවමනාවක් නොතිබිණි. පියාගෙන් නැවත බල කිරීමක් නොවන බවද ඔහු ස්ථිර ලෙසම දැන සිටියේය.

හෙද කාර්යයන් වල යෙදී සිටින ඔහුට ලැබෙන වාසිය නම් වැඩි වේලාවක් අව් රශ්මියෙන් හා විසල් ශබ්ද වලින් ගැලවී සිටීමට ලැබීමයි. 

කෙසේ වුවත් අධික ලෙස රුධිර වහනය වන රෝගීන්ගේ හා මළ සිරුර දැකීමේ අඩුවක් ඔහුට නොවීය. සෑම දිනකම කුඩා හෝ තුවාලයක් කර ගත් සෙබළෙකු තමා අසලට පැමිණීම නෙතිඳුට දිනෙන් දින සාමාන්‍ය වන්නට විය.

මුලදී ඔහුට කලබල ගතියක් දැනුණද කල් යද්දී හේ ඒවාට පුරුදු විය. නුපුරුදු ලෙස ඔහු කලබල වූයේ නිසල්ට වරක් වෙඩි වැදී සිහිසුන්ව ගෙන ආ අවස්ථාවේ පමණි. 

කැලෑ පෙදෙසෙක සටන් වදිමින් සිටියදි එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් සිටි අතර නිසල් ඇතුළු තවත් තිදෙනෙකු තුවාල ලබා තිබිණි.

ඔවුන්ව රුධිරය වගුරවමින් ගෙන එන විට නෙතිඳු සිටියේ ආහාර ගනිමිනි. 

'තුවාල‍කාරයෝ තුනයි.' යමෙකු පැවසූ හෙයින් නෙතිඳු ආහාර වේල පසෙකින් තබා එතැනින් නැගී සිටියේය. 

'දෙනෙත් වීරවංශ, කසුන් නිශාන්ත, නිසල් මියුරංග...' සෙබළාගේ මුවින් පිටවනවාත් සමඟම නෙතිඳුගේ මුව පුදුමයෙන් විවර විය.

'නිසල්!' 

'එයාට ලොකු හානියක් නෑ. අනික් දෙන්නගේ උණ්ඩ දෙක අයින් කරලා ඉන්න. එක්කෙනෙක්ගේ අත අනික් එක්කෙනා‍ගේ උරහිස...' එතැන සිටි වෙනත් හෙද සෙබළෙකු කීවේ නෙතිඳුගේ මැණික් කටුවෙන් අල්ලා ගන්නා අතරේය.

මුලාව | The Lost [✅]Where stories live. Discover now