පාසලේ විශාල පන්ති කාමරයක් තෝරාගත් ඔවුන් එහි තමාගේ ඇඳ ඇතිරිලි ඇසිරුවේ නිදා ගැනීමට සූදානම් වීම සඳහාය.
රාත්‍රී අටට විදුලිය විසන්ධි කිරීම යන හේතුවෙන් ඔවුන්ට ඊට පෙර නවාතැන් ගන්නා ස්ථානය සූදානම් කර ගැනීඹට සිදුව තිබිණි.
වාහනයෙන් බැස ගත් නෙතිඳු තමාගේ උපැස් යුවළ ගලවා කමිසයේ කොණකින් එහි කාච පිස දැමීය. ඔහුගේ හිස කැරකැවිල්ල තවමත් අඩු වී නොතිබුණද බඩු භාණ්ඩ අස් කිරීමට නම් ශ්‍රම පිරිස් වැඩි විය යුතු බව ඔහු අත්දැකීමෙන් දත් දෙයකි.
සෙමෙන් වාහනයේ පිටු පස තිබූ බත් පිසිනය අතට ගත් ඔහු එය පන්ති කාමරයේ එක් මේසයක් උඩින් තැන්පත් කළේය.
'අද අපිට ලොකු දෙයක් උයන්න බැරි වෙයි. දවල් ඉතුරු වුණ ඒවා ටිකක් එක්ක බත් උයන් කමු. කරන්ට් යන්න ඉස්සෙල්ලා කරන දෙයක් කරන්න වෙයි.' දැරියන්ගේ මව පැවසීය.
'මම උයන්නම්... මගේ අත රිදෙනවා මට බඩු අරගන්න අමාරුයි.' නෙතිඳු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූයේ ඔහුට සැබැවින්ම භාණ්ඩ එසවීම ගෙනදුන් වේදනාව අධික වූ බැවිනි.
සිනහවක් හුවමාරු කරගත් ඔවුන් දෙදෙනා දෙපසට ගිය විගස නෙතිඳු අසල වූ ගෝනියකින් හාල් කෝප්ප කිහිපයක් මැන්නේය.
'අයියා රයිස් කුකර් එක ගහන්න ප්ලග් එකක් හොයා ගන්න. මම ගිහින් හාල් ටික හෝදන් එන්නම්.' එවර එතැනට පැමිණියේ අනෙක් තරුණියයි.
නෙතිඳු සිනහවක් පා ඇය අතට හාල් බඳුන දී විදුලි පේණුවක් සොයමින් වටේ කැරකෙන්නට විය. අවසානයේ සියල්ල සූදානම් වූ පසු ඔහුගේ මුවින් සැනසුම් සුසුමක් හෙළිනි. පවුලක් වශයෙන් වැඩ කරද්දි දැනෙන පහසුව කෙතරම් නම් සනීපදායකද යන්න ඔහු තේරුම් ගත්තේ අදය.
යුද්ධයේ බිය නොදන්නා කුඩා දැරියන් තිදෙනා මවු පිය සෙවණේ සිටීමට කෙතරම් වාසනාවන්ත වූවාද යන්න ඔවුන් නොදන්නා බව නෙතිඳුට සිතිණි.
බත් පිසීම සඳහා එය විදුලියට සම්බන්ධ කළ පසු ඔහු දැරියන්ගේ පියාගේ උරයට තට්ටු කළේය. 'වෙලාව කීයද?'
'වෙලාව... දැන් හතයි. තව පැයකින් කරන්ට් කපයි මෙහෙට. ඊට කලින් ළමයින්ව අරන් ගිහින් මූණ කට හෝදවන් එන්න කියලා කියන්න ඕන.'
YOU ARE READING
මුලාව | The Lost [✅]
General Fictionවසර තිහක් පමණ පැවතියා වූ ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරදී ඇතිවන බැඳීම හේතුවෙන් සිංහල තරුණයෙකු හා දමිළ තරුණයෙකු අනතුරට පත්වෙයි. එම පත්වන්නා වූ අනතුර කායික නොවූවද මානසිකව සහ නීත්‍යානුකූලව ඔවුනට වද දෙයි. ප්‍රේමයක් දක්වා දුර දිග නොගියද අතර සහෝදර බැඳීමකින්...