13

374 104 117
                                    

නිසල් තමාගේ සගයා දෙස බලා සිටියේය. නෙතිඳුගේ දෑස් හිස් බැල්මෙන් යුතුව සිවිලිම දෙසට යොමුව තිබිණි.

'නෙතිඳු...' නිසල් නැවත නැවතත් කතා කළද නෙතිඳුගෙන් පිළිතුරක් නැත. ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබුණු අතර තොල් වියැලී තිබුණේ ජලය පානය නොකිරීම හේතුවෙනි.

නිමලසේන නැවත වතාවක් රෝහල් කාමරය තුළට විත් නිසල් දෙස බැලුවේය. නිසල් හිස දෙපසට වැනීය.

'එයා කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, කතා කරන්නේ තියා අඩුම තරමේ මං කියන එක ඇහුණා කියලවත් උත්තරයක් නැහැ සර්...' 

නිමලසේන නිසල්ගේ උරයක් මිරිකීය. 'එයාගේ කාලේ ඉවරයි නිසල්... දැන් එයාට සමු දෙන්න කාලේ හරි...' 

නිසල්ගේ තොල් නොපිට පෙරලිණි. ඔහුගේ දෑසට ඔහුටත් නොදැනීම කඳුළු පිරිණි. නිමලසේන සුසුමක් හෙලා එතැනින් පිටව ගියේය.

'නෙතිඳු... කතා කරන්නකෝ අනේ...' නිසල්ගේ දෙකොපුල් දිගේ කඳුළු ගලා යන්නට විය. 'නෙතිඳු ඔයා යන්න කැමතිද මාව දාලා මෙතන තනියම? මට රවිශාන් එක්ක වැඩ කරන්නත් වෙයි... ඔයා ගියහම එයා එයි මගේ ඇඟේ එල්ලෙන්න... ඔයා දන්නවනේ මම එයාට කැමති නැහැ කියලා... නෙතිඳු අනේ කතා කරන්නකෝ...' 

නිසල් කෙතරම් හැඬුවද දෑසක් හෝ හැර නිසල්ට පිළිතුරක් දීමට නෙතිඳුට උවමනාවක් නොවීය. ඔහුට නිසල්ගේ හැඬුම් ඇසුණාද යන්නත් සැකය. 

නිසල් රතු වූ දෑසින් නෙතිඳු දෙස බලා සිටියේය. නෙතිඳුගේ උපැස් යුවළ ඉවත් කර තිබුණු හෙයින් ඔහුගේ දුඹුරු පැහැ දෑස වඩාත් සමීපව බලා ගැනීමට නිසල්ට හැකි විය.

ඉදිරියට අත දිගු කළ නිසල් නෙතිඳුගේ මදක් දිගුවට වැවී තිබුණු හිස කෙස් නළලෙන් පසෙකට කළේය. 'ඔයා නපුරුයිද ඔච්චර නෙතිඳු...  බලන්න ඔයා මුරණ්ඩු වෙලා මාත් එක්ක කතා නොකර ඉඳලා ගෙදර යන්න හදනවා... ඔයා ගියහම මම තනියම...' 

නෙතිඳුගේ බැල්ම තවමත් සිවිලිම මතය. කණිකාවක් හෝ සෙලවීමට ඔහුට උවමනාවක් නැත. පිටත ඉර පායා තිබුණද කාමරය අඳුරේය. නෙතිඳු ඇඳ මත සිටි සතිය පුරාවටම නිසල්ද එතැනමය. ඔහුට අවි පුහුණුවට යෑමට හෝ උවමනාවක් නොමැත. නෙතිඳු සතිය පුරාවටම ජීවත්ව සිටියා නම් ඒ නිසල් නිසාවෙනි. නෙතිඳුගේ හුස්මක් ගානේම නිසල් සිටියේ අවදියෙනි.

මුලාව | The Lost [✅]Where stories live. Discover now