නිසල්ගේ හා නෙතිඳුගේ මළ සිරුරු යුධ හමුදාවෙන් බාර ගත් බවට දැනුම් දෙන විට නාදන් සිටියේ හමුදා බාරයේ අත්තඩංගුවට පත්වය. ඔහුට එක්වරම දැනුනු කම්පනය දරා ගැනීමට නොහැකි විය. ඔවුන් හැදී වැඩුණේ එකටය.
නමුත් අද ඔහු හමුදා බාරයේ සිටියදී නෙතිඳු අවසන් ගමන් ගොස්ව ඇත.
නෙතිඳුගේ මරණයෙන් පැය කිහිපයක් ගත වූ තැන ඔවුන්ගේ නායක ප්‍රභාකරන්ගේ මරණය ඔවුන්ට දැනුම් දෙනු ලැබිණි.
හමුදාව විසින් ඔවුන්ව අත්තඩංගුවට ගනිද්දී සංවිධාන සාමාජිකයින් අන්ත අසරණව සිටියේ තව දුරටත් ඔවුන්ව මෙහෙයවීමට නායකයත්වයක් නොතිබූ බැවිණි.
නාදන් සියල්ල සිතින් අතහැර දමා කිසිඳු විරුද්ධත්වයකින් තොරව ඔහුට ඇතුල් වීමට යැයි අණ කළ කූඩුවට ඇතුළු වී නිහඬව බිම වාඩි වී සිටියේය.
ඔවුන් වටා සියල්ල කලබලකාරී තත්වයක් ගෙන තිබුණි. හතරවටින් රතිඤ්ඤා පුපුරන හඬඳ ඇසුණේ සිංහල මිනිසුන් තමා ලැබූ නිදහස සමරන බව කියා පාමිනි.
'නාදන් අයියර්?' හමුදා සෙබළෙකුගේ හඬින් නාදන් හිස ඔසවා බැලුවේය.
'ඒ මම...' ඔහු පැහැදිළි සිංහලෙන් පවසද්දී හමුදා නිලධාරියා ඔහු දෙස බැලීය.
'ඔයාගේ වයිෆ් ඇවිත්... විනාඩියකට එළියට එන්න.'
කූඩුවේ දොර විවෘත වද්දී නාදන් පිටතට පැමිණියේ යශෝධාව දැක ගැනීමේ බලාපොරොත්තුවෙනි. යශෝධා එහි දොර අසල සිටිගෙන සිටියාය. ඇය බොහෝ සේ වෙනස් වී සිටි අතර අතේ තරමක විශාල පොදියක්ද විය.
නාදන් හිස් බැල්මකින් යුතුව ඇය වෙතට පිය නැගීය. 'මොනවද ඔය?'
යශෝධා කඳුළු පිරි දෑසින් ඔහු දෙස බැලීය. 'නාදන් මේ ඔයාගේ පුතා... ඊයේ ඉපදුණේ... ඊයේ උදේ දහයට...'
නාදන් දෑස් පියා ගත්තේය. පෙරදා උදෑසන දහයට පමණ නෙතිඳු මිය ගිය බව ඔහුගේ සිහියට නැගිණි.
'මගේ පුතා?' ඔහු ඇසුවේ යම් වරදකාරී හැඟීමක් සිත තුළ ගුලිවද්දීය.
'ඔව් නාදන් ඔයාගේ පුතා...' යශෝධා නැවත වතාවක් පැවසූයේ ඇගේ උණුසුමට ගුලි වී සිටි බිලින්දාව නාදන්ට දිගු කරමිනි.
YOU ARE READING
මුලාව | The Lost [✅]
General Fictionවසර තිහක් පමණ පැවතියා වූ ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරදී ඇතිවන බැඳීම හේතුවෙන් සිංහල තරුණයෙකු හා දමිළ තරුණයෙකු අනතුරට පත්වෙයි. එම පත්වන්නා වූ අනතුර කායික නොවූවද මානසිකව සහ නීත්‍යානුකූලව ඔවුනට වද දෙයි. ප්‍රේමයක් දක්වා දුර දිග නොගියද අතර සහෝදර බැඳීමකින්...