21

283 88 56
                                    

නෙතිඳු ගැස්සීමට පත්ව අවදි වූයේ වාහනය එක්වරම නවත්වනු දැකීමෙනි. ඔවුන් පැමිණ සිටියේ ගමනේදී ඔවුන්ට මුලදීම හමුවන කොටි මුර පොළටයි.

මුලින්ම ඔවුන්ට වාහනයෙන් බසින ලෙස අණ කරන ලදි. නෙතිඳු කැරකෙන හිසින් යුතුව වුවත් වාහනයෙන් බැස්සේය. ඔහුට අවට වටපිටාවේ සියල්ල පෙනු‍ණේ ‍‍බොඳ වීය. 

එම කොටි මුර පොළේ එකඳු නිලධාරියෙකුට හෝ සිංහල හෝ ඉංග්‍රීසි කතා කළ නොහැකි වුවද ඔවුන් හා වූ දැරියන්ගේ පියාට මැනවින් දෙමළ බස හැසිරවිය හැකි වූ නිසා ඔහු මනාව සියල්ල පැහැදිළි කළේය.

ඔවුන්ගේ බඩු භාණ්ඩ සියල්ල වාහනයෙන් බිමට බෑ අතර සටන්කාමීන් ඒවා පරීක්ෂා කරන තුරු නෙතිඳු පසෙකට වී අඩ සිහියෙන් මෙන් බලා සිටියේය. 

කුඩා දැරියන් දෙදෙනා ඔහුගේ දෙපසින් ඔහුට තුරුල් වී සිටි අතර නෙතිඳු අපහසුවෙන් වුවත් කිසිවක් නොකියා එයට ඉඩ දුන්නේය.

'මල්ලි...' දැරියන්ගේ මව ඔවුන් අසලින් හිඳ ගනිමින් විමසුවාය. 

නෙතිඳු වෙහෙසට පත් දෑසින් ඇය දෙස බැලීය. 'ඇයි...' 

'ඔයාට මොකක් හරි අමාරුවක්ද?' ඇය කුහුලින් විමසුවාය. 'හුඟක් මහන්සි පාටයි ඔයාට.' 

'ගොඩ කාලෙකට පස්සේ වාහනේක යන නිසා වෙන්න නැති අක්කේ... ටිකක් මහන්සියි. ඔළුව කැරකෙනවා.' ඔහු මද සිනහවකින් යුතු කියා දැමීය.

'මම ඔළුව අත ගාන්නද ඔයාගේ?' ඇය කාරුණිකව විමසීය.

නෙතිඳු හිස දෙපසට වැනූයේ එය ප්‍රතික්ෂේප කරන්නටයි. 'කරදර වෙන්න එපා... මේක අඩුවෙයි වාහනේ නවත්තලා කාලා බීලා නිදාගත්තු ගමන්.' 

ඇය වද වූ පෙනුමින් බැලීය. 'මල්ලි...' ඇය හිසින් තම නැගණියව සන් කරමින් පැවසීය. 'අර ඉන්නේ මගේම නංගි නෙවෙයි. මගේ අම්මගේ නංගිගේ දුව. එයාට හිටියා එයාගෙම කියලා අයියා කෙනෙකුයි මල්ලිලා තුන් දෙනෙකුයි. එයාලගෙන් පළවෙනි මල්ලි ඔයා වගේ. හමුදාවෙන් යවපු මෙහෙයුමකදි එයා මැරුණා. එදා ඉඳන් නංගි හරියට කතා කරන්නෙවත් නැහැ.'

නෙතිඳු හිස් බැල්මකින් යුතුව බිලිඳිය අත තබාගෙන සිටි තරුණිය දෙස බැලුවාය.

මුලාව | The Lost [✅]Where stories live. Discover now