『♥』- තරුව | Star Of Heart

21 18 0
                                    

රෝසමල් ආරුක්කු  
යටක ඇති ඒ පහස
විඳිමු අපි එක දිනක  
තුරුල් වී සමීපේ.... 

හිරු නැගෙන තව දිනක
හිරු කිරණෙ නැවුම් බව
විඳගන්න මා සමග
පියනගමු මතු දිනේ.... 

නගරයේ කෙලවරක
ඈත ඇති ලී ගෙදර
තවම ඇති මග බලන්
ඔබ නැතිව පාලුවේ.... 

ලී ගෙදර වටේ වූ
පුංචි ඒ මල් කැකුලු
මගබලන් ඉන්නවලු
ඔබ නැතිව සීතලේ.... 

ලී ගෙදර එහා ඇති
ඒ පුංචි විල් ඉවුරෙ
ගී කියා සිනාසෙමු
දැනෙන විට ආදරේ.... 

තව කඳුලු එපා දැන්
නැගිටින්න පෙර ලෙසක
සිනාවන් ඉසලන්න
පෙර දිනක තිබූ සේ.... 

නවතිනා තුරු හුස්ම
පෙම් කලා නුඹ හටම
පතමු අපි එක්වෙන්න
උදාවන මතු බවේ.... 

පැමිණෙනා හැමදිනම
බලන්නට මගෙ සතුට
සිනාසී පවසන්න  
ආදරේ බව ප්‍රියේ.... 

සුදු කපුරු මල් පොකුරු
නොම ගෙනෙන් කිසි දිනක
තබා යන් රතු රෝස
සමග නුඹෙ ආදරේ.... 

වෙහෙසකර දිගු දිනෙක
බලන් රෑ අහස දෙස
පායනා රන් තරුව
මමයි ඔබෙ හදවතේ.... 

One day we will both experience
that scent under the rose arch.

Let's both enjoy the newness of the sun's rays on a new sunny day in the future.

On the edge of town
Wooden house in the distance
Still waiting for you to come.That would mean missing you !!

The new flowers that bloom around the wooden house are frozen in the cold but waiting for you.

Let's go to the lake next to the wooden house and sing a song when we feel good about ourselves.

So let's stop crying now. Are we living in this moment and are we as happy as before?

I will love you until my breath stops. We will meet again in the future as lovers.

Every day when you remember me can you say you love me without any difference?

Don't brings white flowers to my grave. Bring red roses.Remember that you walk in there and love me.

If you are tired, come out at night and look at the sky. There is a beautiful star in the sky. I am the star that lives in your heart.

|| Sandali || JOD READER || MAYA ×JJK
🍁💬

☆🍃GIFT BOOK🍃☆Donde viven las historias. Descúbrelo ahora