『♥』- රතු රෝස | Her Wish

22 14 0
                                    

පිවිතුරු ඔබේ සෙනෙහස 
හරි ලෙන්ගතුයි ඔය හිත
කීමට යමක් මා හට
අවසර දෙන්න මා ප්‍රිය... 

ලාමක මොලොක් ඔය හිත
ගල් මෙන් රලුයි ඉඳහිට
නපුරක් නොවෙයි මා හට
ඇතිනම් ඔබේ ආලය... 

නොනිමෙන පෙමක් ඔබහට
මා හද සතුයි හැමවිට
ඔබ දැනුවත්ද ඒ බව
පවසා යන්න මා වෙත... 

දැනුනා ඔබේ සෙනෙහස   
කියන වදනක් නොඇරම
හැඟුනා ඔබේ ආලය
මේ හදවතට හැමවිට... 

නොහලන් කඳුලු දවසක
මා ගැන සිතා ඔය නෙත
රැකගන් අපේ 'මැණිකව'
හුස්ම වැටෙනා තුරු ඔබ... 

නොහැකිව ගියා මා හට
පවසා යන්න ආලය
මගෙන් සිදු වූ වරදට
සමාවුව මැන මා ප්‍රිය... 

නොහැකිව ගියත් එලෙසට
මා හද නතුයි ඔබ හට
මගෙ ආදරේ හැමදින
ඔබට ඇත්තේ උරුමව... 

හඩානොවැටෙන් කිසිවිට
අවැසී ඔබේ සිනහව
හුස්ම වැටෙනා තුරු මම
ආලය  කලා ඔබ හට... 

පැමිණි විටකදි 'මෙතැනට'
සිහිකර යන්න ඔබෙ පෙම
කඳුලු සඟවන් ඔය නෙත
ඉසයන් ඔබේ සිනහව... 

සුදු කපුරු මල් මා වෙත
නොම ගෙන එන්න කිසිදින
රතු රෝස මල් පොකුරක
තවරා යන්න ඔබෙ පෙම…

සුදු කපුරු මල් මා වෙතනොම ගෙන එන්න කිසිදිනරතු රෝස මල් පොකුරකතවරා යන්න ඔබෙ පෙම…

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

The love you gave me is pure. I know that love lives under your heart. I have something beautiful to tell you. May I allow it?

Even if your mind is childish, there are times when your heart will flutter. But if you love me, that's enough for me.You were evil only if someone came to bother me..

My love for you will never fade. Walk for a moment to let me know if you know about it ..

Your bond is like the sun in the sky. I am like your sky. The sun only shines in the sky. The sky never leaves the sun..

Never grieve for the lost me. Take good care of the little girl we gave birth to until you catch your last breath..

Before I died I couldn't thank you. I 'm sorry if I did something wrong ..

No matter how our life story is written, my heart is always written in your name..

If possible, walk to my grave and remind me of our bond. Hide your tears and bless me with a happy journey..

Don't bring anything to remind me of my death.Remember the time you spent happily walking with me.So just give me a smile.That's enough..

|| Sandu || JOD READER || PIYU -JM
🍁💬

☆🍃GIFT BOOK🍃☆Where stories live. Discover now