『♥』- ප්‍රශ්න කිරීමක් | Questioning

6 8 0
                                    


මායා - 

ලී ගෙදරක නොදුටු අසිරි 
දැකුමට මම නෙත අයාන
රෝස මලින් පිරුණ ගෙදර
හිටියා චිත්‍රෙක වියාන..

මා එන්නම් නුඹ සොයාන
ඉන්නවාද මග බලාන
ආරුක්කුව යට ඉඳගෙන 
මල් වැලකට හිස තියාන ?

කුක් -

ආරුක්කුව උඩ වසාන
හැදුන රෝස මල් ගසාන
ගියා කුණාටුවෙ හසුවී
හිම කැටියට තෙත තියාන..

ඉන්න නොහැකි නුඹ එනතුරු
මං තව කෙනෙකුන් සොයාන
ගියා නුඹෙන් හිස් වු දවස්
අමතක කර හිත හදාන..

 මායා - 

කවුද කිව්වෙ තව තැනකට
යන්න කියලා ඉක්මනටම
නුඹට ඉන්න බැරි වුනාද
මං එනතුරු මග බලාන?

 මං ආවා නුඹ හොයාන
අතීතයේ එක් දිනයක
එනකොට උඹ යන්න ගිහින්
ගං පතුලක සැගවීගෙන..

ඉතිං කුමක් කරනුද මා 
වෙනතක් බලනවා හැරෙන්න
නුඹට තිබුනෙ නැද්ද ටිකක්
මං ගැන හොයලා බලන්න..

කුක් -

ගං පතුලේ සැගවීගන
යන්න ගියේ සිත් තැවුලට
මව,පියාද,සහෝ සමග
මුලු පවුලම නැතිවු දුකට..

සිතුවා නුඹ මල බවටත්
රැවටුනි මා නුඹෙ බොරුවට
නුඹ මල බව සිත තියාන
ගියා මාත් දුර ඈතක..

නැවත වරක එන දවසක
යෙහෙළිය මගෙ ළඟ තියාන
පසුව ඇයගෙ අත ගත් දින
නුඹ එනවා මා සොයාන..

මායා -  

සොයා ආවෙ දැකුමට නුඹ
නමුදු දුටුවෙ වෙනසක් ලෙස
මා මල පසු වෙනත් කෙනෙක්
ගත්තද නුඹෙ හිත තියාන ?

වෙනත් අදහසක් නැති මම
මිය ගිය බව බොරු කීවට
නොකියමි නැවතත් මුසාව
මා ගැන පමණක් සිතාන..

මවගෙ ,සහොගෙ ,පියාණන්ගෙ
වියෝවෙ දුක වැඩි නිසාම
තවත් කෙනෙක් අතගත්තද
නිසා සිදුවු මගෙ පමාව.. 

කුක් -

එවිට නුඹත් දියණිය හා
සැමියද නුඹෙ කර තියාන
එවිට මමත් ඇගෙ පුතු හා
මගෙ බිරිඳද අත දරාන..

පාලම ළඟ සිහිනයෙ මග
නැවතී වරුවක් රැඳෙන්න
එන්න කියා පණිවිඩයක්
එව්වා මං දුක කියාන..

නුඹත් ඇයත්,ඔහුත් සමග
මමත් ,ඔහුත් ,ඇයත් සමග
මතකද අපි මුණගැහුනා
අන්තිම හමුවක් ලියාන..

නුඹෙ තිළිණය,ලියුම සමග
කිසිවක් නොබලම ගැස්මට
එන්නට පෙර ඇය නිවසට
වලලා දැමුවා එදාම..

ගෙවුන ගෙවුන හැම දිනකම
නුඹෙ මතකය හිත රිදවන
හංගා දැමුවා පස් යට
ලියුම සමඟ දුක් වසාන..

අන්තිම දවසක හිම යට
ලී ගෙදරදි සමාව දෙන
එක දවසක නුඹ එනවා
නැවතත් මාවම සොයාන.. 

සමාවගනු පිණිසක නුඹ
ආවත් ලී ගෙදර යටට
එදවස මා මියගොස් ඇත
නුඹෙ ලියුමත් අත තියාන..

හැරගිය දින ,හමුවුන දින
නැවත නැවත අත්හැරුනද
කොතනක හෝ අවසනකදි
මුණගැහුනා අප දෙදෙනම..

පිළිතුරු සෙව්වා මා නුඹෙ
සෑම ගැටලුවක් නොඇරම
ඒත් තවම සිර වී ඇත 
එකම ගැටලුවක් ලිහාන..

මියයන දවසෙදි හිඳගෙන
හිතුවා මා නෙත් පියාන
කියන් ඉතිං ආයෙත් මට
කුමක්ද මේ අපෙ බැඳීම??   

|| YOU & I & JC || JOD රීඩර් කෙනෙක් වුන ඕතර් යූ ඇන්ඩ් අයි එක්ක දවසක් මම කතා කරගෙන යනකොට යූ ඇන්ඩ් අයි ඔය උඩ තියන ස්ටේටස් දාලා තිබුණා මම දැක්කා.මම ඒකට පිළිතුරු කවියක් යැව්වා ජන්කුක්ගෙ කොටස විදිහට.නමුත් විහිලු කවියක්.ඉන් පස්සෙ ඒක මායා,කුක් බෙදාගෙන දෙන්නා දෙපැත්තට තරඟෙට කවි ලිව්වා.අන්තිමට විහිලුවට පටන් ගත්තු කවි වලින් සරල,ලස්සන නිර්මාණයක් හැදුනෙ එහෙමයි.මම ඒක තවත් ටිකක් වැඩිදියුණු කරා || 🍁💬

මම ඒක තවත් ටිකක් වැඩිදියුණු කරා || 🍁💬

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


☆🍃GIFT BOOK🍃☆Where stories live. Discover now