Chapter 9

235 69 16
                                    


ජන්කුක්?

ඔයා මොකද එක පාරටම මාත් එක්ක කතා කරන්නෙ?

ජන්කුක් ඔයා කොහෙද?

ඔයාට වැඩක් නෑනෙ හයුන්ග්.

වැඩක් තියන නිසා අහන්නෙ, කොහෙද තමුන් ඉන්නෙ?

මට බැ මෙක තවත් කරන්න හයුන්ග්

මට කියනවද ඔයා කොහෙද ඉන්නෙ කියලා? මම ඔයාගෙ දුක අහන්න නෙවෙයි මෙ ඇමතුම ගත්තෙ. අර ටෙහ්‍යොන් ඔයාව හැම තැනම හොයනවා.

මම එයාගෙන් ඈත් වෙන්න තීරණය කලා.

මොකක්?

ඔව්

ඔයාට මොනාද වෙලා තියෙන්නෙ ජන්කුක්? ඔයා දන්නවා ටෙහ්‍යොන් කියන්නෙ එච්චර ශක්තිමත් නැති කෙනෙක් කියලා. ඉතින් ඇයි එයාව එහෙම දාලා ගියෙ?

මට බැ මම එයාව අත ඇරියා

මට නම් ඔයාව තේරෙන්නෙ නැ ජන්කුක්. ඔයා හිතුවද ඔයාට ඔන වෙලාවට එයාව පාවිච්චි කරන්නයි එපා උනාම එයාව අත ඇරලා දාන්නයි එයා සෙල්ලම් බඩුවක් කියලා?

මම එයාව අත ඇරියා! මට තවත් එයත් එක්ක ඉන්න ඔනෙ නැ!

ජන්කුක් උපරිම හඩින් කෑ ගහලා කිව්වා. ජන්කුක් ගෙ කඩහඩ ගොඩක් රලු වුනාට එ රලු කම තවත් දරාගන්න බැරි වුනා. එ කඩහඩෙ තිබ්බ දුක ජින් ට හොදින්ම තේරුනා. දුක් විදින කටහඩක්? ඔව් දුක් විදින කටහඩක්.

ජන්කුක්.

ඉතාමත් ගොරොසු කටහඩකින් කිව්ව ජින් ජන්කුක් ට කතා කලනිසා ජන්කුක්ට තරමක ලැජ්ජාවක් දැනුනා.

ජන්කුක් ඔයා ටෙහ්‍යොන් ලගට යන්න. මම මෙක කියන අන්තිම පාර. එ ළමයා බය වෙලා හොදටම.

බැ මට යන්න බෑ. මම යන්නෙත් නැ. එයාලා මට යන්න දෙන්නෙ නැ. මට සමාවෙන්න.

කවුද එයාලා-

ඇමතුම එක සැනෙකින් විසන්දි වුන නිසා ජින්ට අමුතු හැගීමක් දැනුනා. එක බයක් වෙන්නෙත් පුලුවන් නැතහොත් නිහඩ සතුටක් වගේ දෙයක් වෙන්නත් පුලුවන්.

ජන්කුක් ඔයා මෙච්චර ඉක්මනට ටෙහ්‍යොන් ව අත් ඇරියද? ඇයි තව ටිකක් හිටියෙ නැත්තෙ? මට කම්මැලි වෙයි මෙහෙම ගියොත්











ජන්කුක් ට දැනුන එ පාලුව, තනි කමත් එක්ක තවත් කතා කරන්නට බැරි නිසා ඇමතුව විසන්දි කරන්නට සිද්ද වුනා. මෙ සිද්දවෙන දෙ ජන්කුක් ට වත් හිතා ගන්න ජන්කුක්ට බැරි වුනා. ජීවිතෙ පළමු වන පාරට දුක කියන දෙය ජන්කුක් ට දැනෙන්නට ගත්තා.

සැප පහසු ජීවිතයෙන් සාමාන්‍ය ජීවිතයට ගිය ජන්කුක් ට මෙ වෙන දේවල් දරාගන්න බැරි වුනා. දුක්විදීම කියන හැගීම කොතැනකදීවත් නොදැනුන ජන්කුක් ට ටෙහ්‍යොන් නිසා එ දුක කියන දෙය හදුනාගත්තා.

තමන් යන ගමනෙ ඉතුරු භාගය යන්නට කියලා ජන්කුක් ලෑස්ති වුන ගමන් එක පාරට වැස්සක් කඩා පාත් වුනා. සුදු පාට හීම මතට වැහි වතුර වැටෙද්දි එ වතුර හිමත් එක්ක ස්පර්ශ වුනාම දැනෙන සීතල මෙන් තෙගුනයක සීතලක් දැනුන ජන්කුක් තමන් රැගෙන ආපු වැඩිපුර කබායද ඇදගෙන වැස්සට මූන දුන්නා.

තමන්ට ටෙහ්‍යොන් ගැන දැනෙන දුක, ඇස් වලින් කඩා හැලෙන් කදුලු ද සීතල වැස්සෙන් වැටෙන වතුරත් එක්කම දිය වෙලා යන්නට ජන්කුක් ඉඩ හැරියා. තදින් ගැහෙන හදවත ද, සීතලට ගල් වුන අත් ද, සුදු මැලි වෙලා තිබුන සමද, කටින් පිට වන දුමත් එක්කම ජන්කුක් ඉදිරියටම යන්නට පටන් ගත්තා.

සමහරක් විට එක අවසානයක් නැති ගමන්ක් වෙන්නත් පුලුවන්.











අඩලා අඩලම ඇසේන් වැටෙන්නට එක කදුලු පොදක් වත් ඉතිරි නොවුන ටෙහ්‍යොන්. ජන්කුක් ඉදී ද? කියන බලාපොරොත්තුව නිසා කාමරයට ගියත් එ බලාපොරොත්තුව නැති වුනා. දුක විතරක් එයාට ඉතුරු වුනා.

ලොම් කබායක් පොරවගෙන තමන් විසින් බෙදා තිබුන ජන්කුක් ගෙ කෑම එක දීහා ද, ජන්කුක් වෙනුවෙන් ඈත් කර තිබුන කෑම මේසයේ පුටුව ද දිහා බලාගෙන පැය ගනනාවක් බලාගෙන හිටියත් දුක ඉවසන්නට එත් එකෙන් වුනේ ටෙහ්‍යොන් ගෙ දුක තවත් වැඩි වෙන එක විතරයි.

සීතල වුන කෑම දෙක දිහා බලාගෙන ඉන්න ටෙහ්‍යොන්ගෙ ඇස්වලින් කඩා වැටුන වේලුන කදුලු පාරවල්, තවමත් වෙව්ලන අත් ගුලි කරගෙන හිටියෙ ජන්කුක් ගෙන් ලැබුන උනුසුම නැවතත් ලැබෙයි ද කියන සැකයෙන්.

නැවත නොලැබෙන ආදරයක් සමග ජීවත් වීම කොච්චර අමාරු වෙයිද?

සමහරක් විට ටෙහ්‍යොන් නොදන්නවා ඇති ජන්කුක් නැවත නොඑන්නම ටෙහ්‍යොන් ව දාලා ගිය වග.

එත් ඇයි?






























එකට උත්තරයක් ඔයාලට තියනවනම් කියාගෙන යන්න. මට එ උත්තරය ගොඩක් වටිනවා❤️

පරිස්සමින් ඉන්න ❤️

Tk_sona 

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now