Chapter 26

238 43 20
                                    

ආ පුතා අද ඔයා වෙනදටත් වඩා කඩවසම් විදිහට ඉන්නවානෙ.

ස්තූතියි තාත්තේ. අපි කොහෙටද මෙ යන්නෙ.

ටෙහ්‍යොන් හා ඔහුගෙ මව පඩිපෙල බැහැගෙන එන ගමන්ම ඔහු පියා ගෙන් හැහුවා.

වැදගත් ගමනක්. මෙක ගොඩක් ඔයාට විශේෂ වෙයි කියලා මං හිතනවා.

ඔව් මාත් එහෙම හිතනවා තාත්තෙ. එත් තාත්තේ ඔයා දන්නවනෙ මට තව දවස් දෙකකින් මගෙ විශ්වවිද්‍යාලයට ඇතුලු වෙන විභාගය තියෙනවයි කියලා, එකට මට පාඩම් කරන්න මෙ කාලය ගොඩක් වැදගත්.

එකට මට ඔයාව නිකන්ම දාන්න පුලුවන් පුතා බය වෙන්න එපා. ඔයාට වැඩිය මහන්සි වෙන්න ඔනෙ නැ.

එත් මං කැමති නැ වැරදි විදිහට සාර්ථක වෙන්න. මට ඔනෙ සාධාරණ විදිහට සාර්ථක වෙන්නයි.

හරි හරි ඔයාගෙ ඔය පණ්ඩිත කතා නවත්තලා තාත්තා කියන තැනට යන් පුතෙ.

හරි අම්මෙ.

ටෙහ්‍යොන් ගොඩක් වෙනස් වෙලා. එයා ඉස්සර වගේම ආයෙත් පාඩම් වලට තමුන්ගෙ අවධානය දීලා. එත් එකෙන් කියවෙන්නෙ නැ ජන්කුක් ට තියෙන ආදරය වත් එයාට තමන්ගෙ හිතේ තියෙන විශේෂ තැන නැති වෙලා කියලා.

එයා ගොඩක් ආදරෙයි එයාට එත් ජන්කුක් ?
එතන ලොකු ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙනවා නෙද.

*

වින්සු ඔයා යන්නද හදන්නෙ?

ඔව් ඇයි?

මං ඔයාට කෑමක් හැදුවා මේක ගිහිල්ලා කන්න.

හ්ම්

ආ තව එකක්

මොකද්ද?

ඔයා දැන් වැඩිය ගෙදර එන්නෙ නෑනෙ. ඊයේ රෑත් ආවෙ නෑනෙ.

දැන් ඔයාට එක ප්‍රශ්නයක් ද?

නෑ මෙ...මං නි..නිකන් ඇහුවෙ

ඇයි ඉතින් ඔයාට ඒවා දැනගන්න ඔනෙ?ඔයා මගෙ කවුරුත් නෙවෙයි නෙ? මං කරන්නෙ මට ඔන දේ. ඔයා ඔයාට ඔන දෙයක් කරගෙන ඉන්න මං ගෙදර එන එකයි එන්නෙ නැති එකයි මං තීරණය කරන්නම්.

වින්සු එහෙම කියලා ගියා. ජන්කුක් ට සමහරක් වෙලාවට එයාව තේරුම් ගන්න ගොඩක් අමාරු වුනා. එක වෙලාවකට හොද වෙන්නයි තවත් වෙලාවකදි නපුරු වෙන්නයි හේතුව මොකද්ද කියලා.

ජන්කුක් ට මෙ කාලය අමාරු කාලයක් කියන්නත් පුලුවන්. එත් එහෙම අමාරුයි නම් ඇයි එයා තවත් එහෙම ඉන්නෙ?

මෙ අතරම ජන්කුක් ට දැනගන්න හම්බුනා ජින් හදිසියේම කාන්තාවක් සමග විවාහ වෙනවා කියලා. එත් ජන්කුක් ට එක හිතාගන්නවත් බැරි වුනා. කිසිම දැනුම් දීමකින් වත් එයාට එක දන්වපු නැති එක ගැන හා ටෙහ්‍යොන් ට එයාගෙ හිතේ දැඩි කැමැත්තක් තිබිලාද ඔහු තවත් කාන්තාවක් සමග විවහා වෙන එක ගැන.

සමහරක් විට ලෝකය ක්ශනිකයෙන් වෙනස් වෙනවා, එ වෙනස් වීම අපිට දරාගන්න වෙන එක ගැන ජන්කුක් ට තේරුම් ගන්න තාමත් බැරි වෙලා වෙන්න ඇති.

*



















තාත්තේ? තවත් දුර ද?

නෑ තව ටිකයි.

ටෙහ්‍යොන් නොයිවසිල්ලෙන් මෙ ගමන ගැන සිටීම ගැන ඔහුගෙ පියා ගොඩක් සතුටු වුනා. මොකද ගිය දවස් වලදී ටෙහ්‍යොන් ඔහුගෙ පාඩම් වැඩ හා ඔහුව පාලනය කරමින් තමන්ගෙ කාමර තුලම සිටි නිසා එයාට ප්‍රංශයේ තිබෙන සුන්දරත්වය මදක් දුරට අමතක වෙලා තිබුනා.

රථයේ වසා තිබුන ජනේලයෙන් පිටත බලමින් ගිය ටෙහ්‍යොන් දිහා මහත් වුවමනාවකින් ඔහුගෙ මව හා පියා දෙදෙනාම බලන් හිටියා. හුරුබුහුටි සිහවකින් හා පුදුම වුන ලොකු ඇස් වලින් එ සුන්දර රාත්‍රී යාමයේ දිලිසෙන පහන් කදු  වලින් එලිය වෙලා තිබුන පාරවල් හා එ පාරවල් වල සිටි මිනිසුන් තමන්ගේ රථ පෙල දෙහා පුදුමෙන් බලාගෙන සිටින ආකාරය ටෙහ්‍යොන් බලාගෙන හිටියා. තමන් යන්නෙ කොහෙටද? කාත් සමගද? කියන වගක් ඔහුට මොහොතකට අමතක වුනා.

ටික දුරක් යද්දිම සුවිශාල හෝටලයක් ඉදිරියෙන් නැවතුන ඔවුන්ගෙ රථයට එක් සේවකයෙක් ඇවිත් දොර ඇරියේ ටෙහ්‍යොන් ගෙ අවදානයද බිදිමින් ය.

එන්න් ටෙහ්‍යොන් අපි යමු ඇතුලට.

ටෙහ්‍යොන් ඉතාමත් වුවමනාවකින් ඔවුන් තුන් දෙනාම එකම පවුලක් මෙන් රතු පලස මගින් හෝටලය තුලට ඇතුලු වුනා.

එත් ටෙහ්‍යොන් ට ඇතුලු වුන ගමන් ම දැක්ක එ ප්‍රධාන පුද්ගලයා ව දැක්ක සැනින් ඔහුට ඔහුගෙ හිත හා මොලය යන දෙකම පාලනය කරගන්නට බැරි වුනා.

ජි...ජින්?

ටෙහ්‍යොන් ට ලාවට ඔහුගෙ මතකයේ රැදුන එ පුද්ගලයාගෙ නම ඔහුටම කියා ගත්තා.




















සමාවෙන්න updates පරක්කු වෙනවට මාගෙ සික්ක සික්කාවනී 🥲🥺

කතාව ගැන මොනාද කියන්නෙ?

ඉස්සරහට මොකක් වගේ දෙයක් වෙන්නෙ 🌚❤️

Kim_jinhyung12

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now