chapter 27

276 34 15
                                    

එ අදුරු මතක වලින් වෙන් වු ඔහු නැවතත් එ මතක වල කලු ඡායාවන් ඔහුව ඔහු හිටපු තැනට ඇදලා ගන්නවා වගේ හැගීමක් දැනුනා.

ඔහුගේ මනස කලබල වුනා. ජින් සමග වුන සෑම අත් වැරැද්දක් ම නැතිනම් රාගයෙන් මත් වුන හැම මොහොතකදීම වුන ඔහුත් සමග වුන දේවල් ඔහුගේ ඔලුව පුරාම එ සිතුවිලි හඩවල් සහිතව මැවෙන්නට පටන් ගත්තා.

එත් සමගම ඔහුට කවුදෝ කතා කරන හඩක් ඇසුනා.

ටෙහ්‍යොන්? ටෙහ්‍යොන්? පුතා.

මෙ වෙන කිසිම දෙයක් ඔහුට තේරුනෙ නෑ. සියලුම දේ බොද වෙලා පෙනුනේ, එත් ඔහු අමාරුවෙන් හරි කතා කරා.

ඔව් තා..තාත්තේ කි....කියන්න

ඔයාට සනීප නෑ වගේනෙ පුතේ? හොදටම සුදුමැලි වෙලා.

නෑ තාත්...තේ මම හරියට හ...හවස අහාර ගත්තෙ නෑ... එ....ක නිසා වෙන්න ඇති.

අහ් හරි එහෙනම් කමක් නෑ. ආ අදුරගන්න ටෙහ්‍යොන් මේ ඉන්නෙ මගෙ ලගම යාලුවෙක් මිස්ටර් කිම් සෝ ජින්. පැරීසියෙ තියෙන අති විශිෂ්ටතම අවන්හල් රැසකගේ හිමිකරු

හදුනාගැනීම සතුටක් මිස්ටර් කිම් සො ජින්

මටත් එසෙමයි. මම ඔයා ගැන ගොඩක් දේවල් අහලා තියෙනවා කිම් ටෙහ්‍යොන්. තවත් දෙයක්, ඔයා මට සෝ ජින් කියලා කතා කරන්න.

අහ් ස්තූතියි මිස්ටර් සෝ ජින්. මාත් ඔබ ගැන අසා තිබෙනවා. කොහොමත් ඔබ මෙ රටේ ගොඩක් ප්‍රසිද්ධ ධනවත් පුද්ගලයෙක් නෙ.

අහ් ටෙහ්‍යොන්?

ඔව් තාත්තේ?

මට තව කියන්න දෙයක් තියෙනවා. මෙ මිස්ටර් සෝ ජින් ගෙ පුතා තමයි අද වීවාහ වෙන්නෙ අර ඉන්නෙ.

මොකක් ජින්ගෙ පියා මිස්ටර් සෝ ජින් ද?

ඔව් එ මගෙ පුතා. පුතා මගෙ පුතාව දන්නවද?

ඔව් මිස්ටර් අපි දෙන්නා කොරියාවෙ ඉද්දි ගොඩක් ලගින් ආශ්‍රය කලා. එත් මං හිතුවෙ නෑ ඔහුව පැරිසියේ දකින්න හම්බුවෙයි කියලා. අනික ඔබගෙ පුතා කියලා මං දැනං හිටියෙ නෑ සර්.

ඔව් මගෙ පුතා ඔහුගෙ වත්කම් වත් ධනවත් බව වත් පෙන්වන්න කැමති කෙනෙක් නෙවෙයි.

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now