chapter 31

300 24 6
                                    

තම කාමරයෙ දොර විවර කරනකොට දැකපු එ රූපය නිසා ටෙහ්‍යොග් ව එතනම ගල් ගැහුනා. තම ඇස් වලින් නොදැනිම කදුලක් ගලා අවෙ ජන්කුක් ගෙ හිස් හැගීම් වලින් පිරුන එ මුන දැකලා. ඉස්සර ඔහු දැකලා තිබුන ලස්සන හිනාවකින් සරසගත්ත මූන අද නොහදුනන පුද්ගලයෙක් දැකලා වගෙ වෙනස් වෙලා තිබ්බා.

ඔව් ජන්කුක් ගොඩක් වෙනස් වෙලා. ඉස්සර වගෙ නිකන් ශර්ට් එකයි කලු කලිසමයි නෙවෙයි. එයා දැන් ඉස්සරටත් වඩා කඩවසම් වෙලා, හැඩි දැඩි ශරීරයක්, පිලිවලට ලස්සනට පීරපු තද දුඹුරු පැහැති කොන්ඩෙ, කලු පැහැති ඉතාමත් මිල අදික ශර්ට් එකක්, එකට උඩින් ඇද තිබුන ලා දුඹුරු  ගනකම් දිග ශීත කබායත් එක්ක ජන්කුක් ට වෙනස්ම ස්වරූපයක් ලැබිලා.

ඔව් ඔහු දැන් පෝසත් තාත්තා කෙනෙක් ගෙ පුතෙක් වෙලා.

ටික වෙලාවකට පසු ටෙහ්‍යොග් ජන්කුක් ළගට ඇවිත් ජන්කුක් ගෙ අත් හිමින් ඔහු අල්ලගත්තා. කිසිම හැගීමකින් තොරව බලන් හිටපු ජන්කුක් ගෙ අත් මත සිහින් හාදුවක් ඔහු තැබුවා.

ඔයා මෙ වගෙ කී දෙනෙක්ට හාදු දුන්නාද ටෙහ්‍යොග්?

ජන්කුක් ඔහුගෙ කටහඩ අවදි කලෙ ටෙහ්‍යොග් ගෙ හිත කෑලි කෑලි වලට කඩමින්.

ඉක්මනින් එ අත් මත දීගෙන හිටපු හාදුව මග නතර කරලා ජන්කුක් දිහා නොබලා බිම බලාගෙනම හිටපු ටෙහ්‍යොග් ගෙ ඇස් වලින් වැටුන කදුල ජන්කුක් ගෙ අත් මතට වැටුන බව ජන්කුක් ට දැනුනා.

ඉස්සර මෙ අත් ඔයාගෙ කදුලු පිහදැම්මාට අද මෙ අත් වලින් ඔයාට රිද්දවන්න උනත් පුලුවන් ටෙහ්‍යොග්.

කිසිම දෙයක් නොකියා එ හිටපු විදිහටම හිටපු ටෙහ්‍යොග් ගෙ ඇස් වලින් නොනවත්වා ම කදුලු ජන්කුක් ගෙ අත් මතට වැටෙන්න ගත්තා.

ඇයි ටෙහ්‍යොග් ඔයා මුකුත් කියන්නෙ නැත්තෙ? ඔයාට කියන්න ඔනෙ නැද්ද ඔයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා.

ජන්කුක් දිගින් දිගටම කතා කරන්නට ගත්තත් ටෙහ්‍යොග් කිසිවක් නොකියා හිටියා. එ ඔහු දන්නවා වින්සු ඔහුගෙ හිතෙ තමන් ගැන දැඩි වෛරයක් ඇති කරලා කියලා. ඔහු හිතුවා නිශ්ෂබ්දතාවය තමයි මෙ වැරදි වැටහීමට පිළිතුර කියලා.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 24, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now