chapter 21

208 36 11
                                    

ආදරය අන්දයි කියන එකෙ තේරුමක් තියෙනව නෙද? කෙනෙක් වෙනුවෙන් අනෙකා ඉදිරියට ඇවිත් සටන් කරන්නට බලාගෙන ඉන්නෙ. ආදරය හැබැයි ඔනම කෙනෙක් ව වට්ටන්නත් එයාගෙ ලොකුම දුර්වල කමත් පුලුවන්.

ජන්කුක් ගොඩක් හැඩි දැඩි උනත් ටෙහ්‍යොන් නැති අඩුව ඔහුට තදින්ම දැනුනා. ඇස් අන්ද වෙන තරමට ඔරලෝසුවේ තත්පර කට්ට දිහා බලන් හිටියා. එ හරිම කාලය එනකම්. එත් එයා වත් දන්නෙ නැ එ කවදද කියලා. දකින දකින් හැම තැනම ඔහුට ටෙහ්‍යොන් ව මැවි පෙනුනා. තමන් දෙදෙනා ආදරය කර හැටි, එ සියුම් සිප ගැනීම් ගැන මතක් නොකරම ඉන්න බැරි වුනා. කුස්සිය, කාමරය, සාලය හා නාන කාමරයේ පවා ටෙහ්‍යොන් ව මැවි මැවි පෙනුනා. ඔහුගෙ හිනාව එ නිවස හැම කොනකින්ම ජන්කුක් ට ඇහෙන්නට පටන් ගත්තා.

මෙසේ මාස තුනක් පමන ජන්කුක් කල්පනා කරා. අන්තිමේදි ජන්කුක් බේබද්දෙක් වගේ මත්පැන් පානය කරන්න පටන් ගත්තා. නිවස තුල හැම තැනම වගෙ දුවමින් ටෙහ්‍යොන් ව හෙව්වත් එයාව හම්බුනෙ නැ.

ටෙහ්‍යොන්? ඔයා කොහෙද ඉන්නෙ? මට ඔයාව ඔනෙ ටෙහ්‍යොන්. මං ලගට එන්න පැටියෝ. මම ඔයා එනකන් බලන් ඉන්නවා. මට ත....තවමත් මතකයි අපි....අපි කරපු දේවල්

සාලයේ බිම වැතිරීගෙන හිටපු ඔහු මත් බවින් තනිවම ටෙහ්‍යොන් ට කතා කරා

ටෙහ්‍යොන් ගෙන් එකදු ලියුමක් වත් ඇමතුමක් වත් ලැබුනෙ නැ එ වගේමයි ජින් ගෙන්වත් කිසිම තොරතුරක් ලැබුනෙ නැ.

ජන්කුක් ට මෙ වෙන දේවල් හරිම අමුතුයි කියලා හිතුනා. එක නිසාම ඔහු වින්සූ ව හොයාගෙන ගියා. මත් බවින් බිම වැටි වැටු ඔහුව හොයාගෙන ගියා.

එයාගෙ ගෙදරටම ගියා.

ජන්කුක් ඉතාමත් තරහෙන් වින්සු ගෙ නිවසට පැමිණියා. එත් එතන හිටපු එ සේවකයා තවමත් ඔහුමයි කියලා අදුරගත්ත ජන්කුක් ඔහුගෙ කොලර් එකෙන් තදින් අල්ල ගත්තා.

කො වින්සූ?

ස....සර්?

කෝ මොනිහො වින්සූ? මට කියන්න

අවුල් වෙච්ච කොන්ඩෙත් පොඩි වෙච්ච සුදු කමිසයේ බොත්තම් කීපයක්ම ඇරගෙන හිටපු ඔහු සේවකයගෙන් ඇහුවා.

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now