chapter 18

167 44 13
                                    

ආ?...... නැ අම්මෙ මට දාඩිය දාලා නැ.

හරි එහෙනම් තාම මෙ ඉස්කෝලෙ ගිහිල්ලා ආපු ගමන් නෙද? යන්න ගිහින් ඇග හෝදගෙන එන්න අපි පොඩ්ඩක් කතා කරමු.

මොනද කතා කරන්න තියෙන්නෙ?

ඇයි අර ඔයාගෙ ගෑනු ළමයා ගැන

මො....මොකක්? ගෑනු ළමයා?

ඔව් ඇයි?

නැ නැ මම ගිහිල්ලා එන්නම් ඉක්මනින්.

හරී. එතකන් අපි මෙ ඔයාගෙ ගෙදර බලන්නම් කෝ

ඇ? හා හා

ටෙහ්‍යොන් උඩු මහල වෙත දුවගෙන ගියේ එතාමත් හදිස්සියෙන්, එ ජන්කුක් ට මෙ ගැන කියන්න.

ටෙහ්‍යොන් ඉක්මනින් එයාගෙ කාමරය තුල වූ දුරකතනයෙන් ජන්කුක් ගෙ කාර්‍යාලයේ දුරකතනයට ඇමතුමක් ගත්තා.

ජ...ජන්කුක්?

කවුද මෙ?

මම ටෙ...ටෙහ්‍යොන් ඔහුගෙ සහෝදරයා

ආ පොඩ්ඩක් ඉන්න මම ඔහුට දන්වන්නම්.

හරි.

ටෙහ්‍යොන්?

ජ....ජන්කුක්!!

ඔව් කියන්න. ඇයි කෑ ගහන්නෙ?

කෑ ගහන්න තමයි ඉතින් දැන් වෙන්නෙ.

ඇයි මොකද වුනෙ?

මගෙ දෙමව්පියන් එනවයි කියලා ඇයි මට කිව්වෙ නැත්තෙ ජන්කුක්?

අහ්? මොකද්ද? දෙමව්පියන්? ඔයාගෙ?

ඔව් මගෙ. මෙ දැන් ආවා එයාලා දැන් පහල තට්ටුවෙ ඉන්නෙ.

හරි මං ඉක්මනටම එන්නම්.

එපා එපා එයාලා වෙන මොනා හරි හිතයි ජන්කුක්..... ජන්කුක්?....... ජන්කුක්?

එ වෙනකොටත් ඇමතුම විසන්දි වෙලා තිබුනෙ. ජන්කුක් දෙපාරක් නොසිතාම එයාගෙ ගෙදර ගියා.

හදිසි නිවාඩුවක් අරගෙන කාර්‍යාලයෙන් ආපු ජන්කුක් කෙලින්ම ගියා.

ජන්කුක් ගෙදරට යනකොටත් ටෙහ්‍යොන් හා ඔහුගෙ දෙමව්පියන් එක්කම සුහද කතාවක් කරමින් හිටියේ. ජන්කුක් ඉක්මනින් නිවසේ දොරකඩ ලගට ඇවිත් තමන්ට මුහුනලා හිටපු ටෙහ්‍යොන් දිහා බැලුවා. ජන්කුක් ට ටෙහ්‍යොන් ගෙ ඇසින් මහත් වූ වේදනාවක් හා බයක් පෙනුනා.

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now