☘️ Chapter 1️⃣1️⃣ - තවත් මරණයක් ☘️

127 32 19
                                    

Eun Hyuk ගෙ ආත්මයට යහපත් දෙයක් ප්‍රාර්ථනා කරනවා මිසක අපිටවත් Kai ටවත් සිදුකිරීමට අන් කිසිවක් නැත.

ꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥꕥ

මෙලෙස පාසලේ එක් පසෙක ඇති පිහිනුම් තටාකය ලේ විලක් කරමින් Eun Hyuk ගේ නිසල දේහය එහි පාවෙමින් තිබෙන අතර පාසලේ අනෙක් පසද මෙවැනිම ඛේදජනක සිදුවීමක් සිදුවෙමින් තිබේ.

එහෙනම් අපි බලමු පාසලේ අනෙක් පැත්තේ ඉන්නෙ කවුද, සිද්ධ වෙන්නෙ මොනවද කියලා





දෙවනියට අභියෝගය බාරගත්ත Taehyun ට අමුත්තා දුන් අභියෝගය උනේ කොල පාට උකුසු මාලය සලකුන පිටිපස්සේ හිටිය Ki - Tae ව ඉවරයක් කරන්න.

වෙලාව හවස 3.30

Taehyun, Ki Tae ව හදිසියේ දකියි.

Taehyun - "අයියේ"

Ki Tae - ඇයි මොකෝ?

Taehyun - මට මගේ යාලුවෙක්ගෙන්  සිගරට් වගයක් හම්බුනා.

Ki Tae - ෂ් ෂ් ෂ්!

(Ki Tae විසින් Taehyun ගෙ කට වසයි)

ඔච්චර සද්දෙන් කියන්න එපා බූරැවෝ. කෝ තියනවනම් හතරට වරෙන් basement එකට.

Taehyun එතනින් පිටවෙලා ගියේ තමාගේ ප්‍රහාරය ගැන හීන දකිමින්.

වෙලාව හවස 4. 00

Ki Tae එනවා දැකපු Taehyun එතැන හැංගුනා. පිටිපස්සෙන් ගිහිං එයාට පහර දෙන්න ඕන කියලා හිතුනා. ඔහු හිමීට තමන්ගේ අත් වැසුම් දාගනිමින් පිටපස්සෙන් ගියා.

Ki Tae එකවරම පිටිපස්ස හැරැනා.

(Taehyun ට පහර දෙන්න ආයුධයක් තිබ්බෙත් නෑ. ඔහු ඒ සනිකයෙන්ම කනුවකට මුවා උනා.)

Ki Tae - "කො අරෑ. එනවා කිව්වා තාම නෑනේ"
(Ki Tae ඔහොම කිය කිය වටපිට බැලුවා.)

Taehyun - අයියේ මං මෙහෙ.
(Ki Tae අනෙක් පස බලනවාත් සමගම Taehyun කණුවෙන් මෑත් වී Ki Tae ට කතා කළා.)

Kai Tae - ආ... කොලුවො

Taehyun - ආආආ... මං පරක්කුයිද? අයිය ඇවිල්ල ගොඩක් වෙලා ද?

Kai Tae - නෑ නෑ... මාත් දැන් තමා ආවෙ. කෝ සිගරට්...?

Taehyun - ආ.. අයියේ....
(Taehyun, Ki Taeට සිගරට්ටුවක් ලබා දී ඔහුත් එකක් පත්තු කර ගනී)

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now