☘️ Chapter 2️⃣0️⃣ - අවසානය ☘️

185 35 67
                                    

යාලුවෝ හතර දෙනාම එක එක තැන් වල ඉදලා මේ ඇමතුම ගැන හිතුවා

එයාලා හැමෝමටම තිබ්බේ එක ප්‍රශ්නයයි.

ගනූදෙනුව ඉවර නම්

ඇයි එයා ආයේ හම්බෙන්න ඕන කිව්වේ?

❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️

දින සති වලින් මෙම ශී කාලයද වේගයෙන් ගෙවී ගොස් ඔන්න දෙසැම්බර් 31 වෙනිදා ලැබුවා.

නත්තල අවසන් වී උදාවෙන්න නියමිත අලුත් අවුරැද්දට මුලු Seoul නගරයම සැරසුනා.

ලා හිරු එළියත් සමගම පරිසරය වසා ගෙන සිටි හිම තට්ටු කෙමෙන් කෙමෙන් දියවී යාමට පටන් අරගෙනයි තිබ්බෙ..

හිරු එළිය පායලා තිබ්බත් ශීත කාලයේ තිබූ සීතල නම් තවම පහව ගොස් නැත.

Seoul නගරය සිසාරා තිබූ කඩ, වීදි ජනයාගෙන් පිරී පවතී. ලොකු, කුඩා කවුරුත් මේවන විට තම තමන්ගේ නිවහන් වලින් එළියට බැස හිරු එළිය විඳීමටත්, හෙටින් ආරම්භ වන නව වසරටත් සූදානම් වෙන බව දක්නට ලැබේ..

ශීත ඍතුවේ මදක් පාළු ස්වභාවය ක් ගෙන තිබූ නගරය අද ඉතා කාර්යබහුල ය.

Kai ට ඇමතුම ලැබුනාට පස්සේ එයා කුතුහලයෙන්ම ඇමරිකාවේ ඉදලා ඊළඟට තිබ්බ ගුවන් ගමනෙන්ම කොරියාවට ආවා...

යාලුවෝ හැමෝම අමුත්තාගේ ඇමතුමෙන් කලබල වෙලා හිටියේ.

එයාලා නොසන්සුන් වුනා.

එයාලා පිටතින් සන්සුන් ව හිටියට ඇතුලතින් එයාලගේ හදවත වේගයෙන් ගැහුනා..

තමන්ව හැමමතිස්සෙම කවුදෝ කෙනෙක් ලුහුබදිනවා වගේ දැනුනා...

වෙලාව වෙනදට වඩා ටිකක් හිමින් ගෙවුණා.

අදුර වැටී ගෙන එන්න ළංවෙනකොටම යාලුවෝ හතර දෙනා තම තමන්ගේ ගමන ඇරඹුවා.

ඒ කොහෙටද??














ඔව් අමුත්තා කිව්වා වගේ මේ ප්‍රශ්න ඔක්කොම පටන් ගත්ත තැනදී..











ඒ තමයි Oak Hills පාසලේ පස්වෙන් තට්ටුවේ තියන පරණ පුස්තකාලය.






💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now