Chapter 1

1.4K 224 34
                                    

ඇඳට වැටිලා කොට්ටෙකුත් මූණට ඔබාගෙන හිටිය මම රතු වුණ ඇස් දෙක පිහිදාන ගමන් නැගිට්ටා..අඬලා වැඩිකමටම ඇස් දෙක රිදෙනවා..ඒ මදිවට ඔළුවත් රිදෙනවා..

අද දවසම එපා ‌කරනවා කියන එකේ උපරිමයට ගිහින් හිටියෙ මම..හැමදේම එපා වෙලා..කොලේජ් එකේ සමර් ට්‍රිප් එකට යන්න අප්පා කීයටවත් ඉඩ දෙන්නෙ නැති බව දැන දැනම මම කෑම්ප් යන්න ඇප්ලිකේෂන් එක ගෙදර අරගෙන ආවා..

අප්පාත් එක්ක රණ්ඩු කරලා පුදුම තරම් මහන්සියි..අප්පට කෑ ගහලා බැන්නට පස්සෙ අප්පාගෙ මූණෙ අඳුරු වුණේ මම ඒ තරම් සැරපරුෂ වුණ එක එයාටත් පුදුමයක් නිසා වෙන්න ඇති..අප්පාගෙ හිත රිදෙන්න ඇති ගොඩාක්..ඒත් ඊටත් වඩා මගේ හිත රිදුණා..

අප්පා තමයි මට ඉන්න හොඳම යාළුවා..මම ඔම්මටත් වඩා අප්පාට සමීපයි..

ඒත් අප්පා මාව ආරක්ෂා කරන්නෙ මගෙ නිදහස සීමා කරලා..ඒක තමයි මම අකැමති දේ..මමත් ආසයි අනිත් කෙල්ලො වගේ ට්‍රිප් ගිහින් විනෝද වෙන්න..ඒත් මගෙ අප්පා කීයටවත් මට ඒකට ඉඩක් දෙන්නෙ නෑ..මම දන්නෙ නෑ ඒකට හේතුව..ඒ වුනත් මම හොයන්නෙ මගෙ නිදහස..අප්පා කරන්නෙ මගෙ නිදහස සීමා කරන එක..

ලොකු හුස්මක් හෙලලා තීරණයක් අරගෙන මම කබඩ් එක උඩ තියලා තිබ්බ ට්‍රැවලින් බෑග් එක අරගෙන මගේ ඇඳුම් ටිකක් ඒකට ඔබාගත්තෙ කලබලෙන්..ඕනෙමයි කියලා හිතුණ බඩු ටික බෑග් එකට දාගෙන මම පිට පුරා විසිරිලා තිබ්බ කොණ්ඩ ටික අල්ලලා උඩට ගැටගහගත්තා..

ආයෙත් පාරක් ඉක්මනින් කඳුළු පිහිදාගෙන එක පාරක් මගේ රූපය කණ්ණාඩියෙන් බැලුවා..ඉදිමුණ මූණ දකින ඕනෙ කෙනෙක්ට තේරෙනවා මම ඇඬුවා කියලා..

බෑග් එකත් අරගෙන ෆෝන් එකත් පොකට් එකට දාගෙන මම පහළට යන පඩිපෙළ බැස්සා..

"හෙයිමි..කොහෙද මේ යන්නෙ??"

මගෙ ඉස්සරහින්ම ඇහුනෙ අප්පාගෙ පුදුමය පිරුණ කටහඬ..මම යන්තමට ඔළුව උස්සලා බැලුවා..

ඔම්මයි අප්පායි දෙන්නම මං දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නවා..

"හෙයිමියා..මොකද මේ?"ඔම්මත් ඇහුවා..මම පැත්තක් බලාගත්තෙ එයාලගෙ මූණු දිහා බැලුවොත් මම අඬනවා කියලා දන්න නිසාමයි...

Who Are You? | Jungkook Centric | OnholdWhere stories live. Discover now