Chapter 6

473 151 29
                                    

අප්පා පොඩි ගේට්ටුවක් ගාව නතර වෙලා ගේට් එක ඇරියා..පොඩි ගෙයක්...අප්පා හිසින් සන් කළේ ඇතුළට එන්න කියනවා වගේ..මමත් අප්පාගෙ පස්සෙන්ම ගියා..ඒ ගෙදර දොර ඇරලා දාලා අප්පා ලයිට්ස් ඔන් කරා..

ලයිට්ස්..ඒවා සෝලාර් පවර් වෙන්න නම් බෑ..

මං වටපිට බැලුවා..ලොකු ඉඩකඩක් නොතිබුණ ඒ ගේ ඇතුළ හැමතැනම බඩු විසිකරලා දාලා තිබ්බා..දූවිලි ගුහාවක් වගේ..

මට ඉබේම හිනා ගියෙ ඒ අපිළිවෙලකමට..

"මොකද හිනාවෙන්නෙ??"කරේ තිබ්බ බෑග් එක පැත්තකට විසි කරන ගමන් අප්පා ඇහුවා..

"නෑ..අප්පා මට නම් කියන්නෙ ඔයා ඉස්සර මෙහෙම පිළිවෙළයි..මෙච්චරක් පිරිසිඳුයි..මාව නම් දුවද කියලා සැකත් හිතෙනවා..අරකයි මේකයි.."මං එහෙම කියන ගමන් ළඟ තිබ්බ කවුච් එකෙන් වාඩි වුණා..

"ආයිෂ්..හරි හරි..මං කොහොමත් පිළිවෙල කොල්ලෙක් තමයි..මේවා මගේ වැඩ නෙමෙයි.."අප්පා එහෙම කියන ගමන් ගේ පුරාම විසිවෙලා තිබ්බ පොත් පත් ඇඳුම් පිළිවෙලකට හදන්න ගත්තා..

"නැත්නම්.."

"මේවා අර කොට ජිමිනාගෙයි ටේ යකාගෙයි වැඩ.."අප්පා පොත් ගොඩක් අරගෙන මේසෙ උඩින් තිබ්බා..

"ජිමින් අන්කලුයි ටේ අන්කලුයි??"මං අහද්දි අප්පා මගෙ දිහා බැලුවෙ වතුර වීදුරුවක් අරගෙන බොන ගමන්..

"ඔයත් එයාලව දන්නවද?"

"අප්පා!!!!ජිමින් අන්කල්ගෙ පුතාට මාව ප්‍රපෝස් කරේ ඔයා........"මං කෑ ගහලා කියද්දි අප්පා බිබී හිටිය වතුර එක 'බකස්' ගාලා කටින් දැම්මෙ හයියෙන් කහින ගමන්..අප්පා පපුවට ගහගන්න ගමන් මගේ දිහා බැලුවා..

"මො..මොකක්ද??"අප්පා ඇස් දෙකත් පුංචි කරගෙන මගෙන් ඇහුවා..

මගෙ අවුරුදු විසි පහක ජීවිත කාලය ගැනම මට අප්පාට කියන්න සිද්ධ වෙයිද??කවදාගෙන් පටන් අරගන්නද මේ කතාව...??

"ජීහන්..එයා ජිමින් අන්කල්ගෙ පුතා..මගේ ෆියොන්සෙ.."මං පැත්තක් බලාගෙන කිව්වෙ දැනුන ලැජ්ජාවත් එක්ක..

"හෝව්..හෝව්.."අප්පා කිව්වෙ අත දික් කරන ගමන්..

"අපි ඒ ගැන පස්සෙ කතා කරමු හෙයිමි..නැත්නම්...ආහ්..තවත් මාව පටලැවෙන එකයි වෙන්නෙ.."අප්පා එහෙම කියලා ආයෙත් මං ගාවින් ඇවිත් වාඩි වුණා..

Who Are You? | Jungkook Centric | OnholdTempat cerita menjadi hidup. Temukan sekarang