Chapter 3

466 159 11
                                    

ඔළුව පැලෙන්න තරම් රිදුමක් එක්ක මම ඇස් ඇරියා..අහස නිල්ම නිල් පාටයි..

බොඳ වුණ ඇස් දෙක අතින් පොඩි කරකර මම දිගාවෙලා හිටිය තැනින් නැගිටිලා වාඩි වුණා..අහ්..ඔළුව හොඳටම රිදෙනවා..

ඒත්..
මම කොහෙද මේ ඉන්නෙ??

මම හිටියෙ වැඩිජනගහනයක් නැති පාළු පාරක..වාඩිවෙලා හිටිය තැන තිබුණෙ ලොකු ගහක්..මේ ගහේ අතු ඕනටත් වඩා වැවිලා..කොළ හැමතැනම..ඔළුවටත් අතක් තියාගෙන මම නැගිටලා වටපිට බැලුවා..

මේ වටපිටාව හරිම අමුතුයිනෙ..හරිම..පරණ පාටයි??

මට මොකද වුණේ??

මම හිටියෙ හරාබොජිගෙ ලැබ් එකේනෙ..ඒත්..දැන් මං මේ කොහෙද ඉන්නෙ..??

වාඩිවෙලා හිටිය තැනින් නැගිටලා මං ඉස්සරහට ගියා..මේ අපි ජීවත් වෙන වටපිටාව නම් නෙමෙයි..මට ඒ ගැන සහතික වෙන්න පුළුවන්..

අහ්..අත මෙච්චරම රිදුම් දෙන නිසයි මං අත දිහා බැලුවෙ..මුළු අතම සීරිලා ලේ ගලනවා..අතත් අල්ලගෙන මං ඉස්සරහට අඩිය තිබ්බා..පොඩි ඉඟියක්වත් ලැබුණෙ නෑ මං ඉන්න තැනක් ගැන..යන්තම්වත් හුරුවක් නැති තැනක්...

තැනින් තැන පොඩි කඩවල් වගේ පේන්න තිබ්බා..ඒත් ඒවා ඇතුළට යන්න මගෙ හිතට දැනුනෙ චකිතයක්..ඇඟට පණ නැතිවෙනකම්ම මං දිගටම ඇවිද්දා..

මට මතක් වුණේ අප්පාව..හේතුවක් දන්නෙ නෑ..ඒත් වෙනදට අප්පාව මතක් කරද්දිම එයා කොහෙ හරි ඉඳන් ඇවිත් මාව තුරුළු කරගන්නවා..ඒ වුණත් අද අප්පාව කොච්චර කියලා මතක් කළත් එයා ආවෙ නෑ..

මං පාර දිගේ ඔහේ ඇවිද්දා..දැන් නම් ඇඬෙන්නත් වගේ..

අනේ අප්පා මට සමාවෙන්න..

මං හිත යටින් කී වාරයක් එහෙම කිව්වද දන්නෙ නෑ..

මටත් නොදැනි ඇස් දෙක බොඳ වෙද්දි මං අඩිය ඉක්මන් කරලා ඉස්සරහට ගියා..වැඩිදුරක් යන්න ලැබුණෙ නෑ..මට දැනුනෙ මගෙ වටේම කළුවර වෙනවා වගේ..මං එහෙම්ම ළඟ තිබුණ තාප්පෙකට හේත්තු වුණේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව..

"දරුවෝ..මොකද ඔයාට??"මගේ කන ළඟින්ම ඇහුණ කටහඬට මං යන්තම් ඔළුව උස්සලා බැලුවා..මගෙ ඇස්දෙක අඩවන් වෙලා තියෙන්නෙ කියලා මටම තේරුණා..

Who Are You? | Jungkook Centric | OnholdWhere stories live. Discover now