Chapter 11

444 142 5
                                    

උදේ නැගිටිනකොට මං හිටියෙ ඇඳ උඩ..අප්පා උස්සගෙන එන්න ඇති එළියෙ ඉඳන්ම..ගෙදර කිසිම හැල ‌හොල්මනක් නෑ..අප්පා යුනි එකට යන්න ඇති..

අප්පාගෙ කබඩ් එක පීරලා ඇඳුමක් අරගෙන මං වොෂ් එකක් දාගන්න ගියා..හිටර්ස් කූලර්ස් නැති නිසා මට මේ සාමාන්‍ය ජීවිතේට හුරු වෙන්න වෙනවා..ඒත් වරදක් නෑ..මේ ජීවිතෙත් අමුතු ලස්සනක් තියෙනවා..

අදත් අප්පා කෑම හදලා ගිහින්..අප්පට මං හින්දා හරිම කරදරයක් ඇත්තෙ..

කෑම කාලා ඉවර වෙලා මං අප්පාගෙ බුක් රැක්ස් වල තිබ්බ ‌පොත් පෙරලන්න ගත්තා..

අප්පාගෙ පොත් නම් හරිම පිළිවෙලයි..ආසා හිතෙනවා..අප්පාට මෙහෙම තනියම ඉන්නකොට පාළු හිතෙන්නෙ නැද්ද දන්නෙ නෑ..

මේ සෝල්..හරාබොජිලාගෙ ගෙදර ඇත්තෙ බූසාන් වල..අප්පා කොලේජ් යන්න ඕනෙ නිසාමද මෙච්චර දුරකට ආවෙ??එක අතකින් අප්පාට හරාබොජි එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කතා බහ කරලා විසඳගන්න එක හොඳයිනෙ..මෙහෙම දෙපැත්තකට වෙලා ඉන්න එකෙන් ප්‍රශ්න විසඳෙන්නෙ නෑනෙ..

"නිදහස හොයන අයව නවතන්න හොඳ නෑ හෙයිමි..ඒ නිසා වෙන්න ඇති ඔයාගෙ අප්පාත් ඔයාව නතර ‌කළේ නැත්තෙ.."

මං හරාබොජිලාගෙ ගෙදර ගියපු වෙලාවෙ හරාබොජි කිව්වෙ එහෙම..එයා කිව්වා වතාවක් අප්පාත් තරහා වෙලා ගෙදරින් ගියා කියලා..එතකොට ඒ මේ වතාවද??

මොකක් හරි හේතුවක් තියෙනවද මාව ‌මේ කාල සීමාවටම ‌ගේන්න??මේකත් නිකන්ම අහම්බයක්ද..??

හිතාගන්න බැරි ප්‍රශ්න ගොඩක්..

මං අප්පාගෙ රැක් එකේ තිබ්බ පොතක් අරගෙන පෙරළුවා..ඒක පොතක් විතරක් නෙමෙයි වගේ..ඒක හරියට ජ'නල් එකක් වගේ..

ඒ පොත ඇතුළෙ ෆොටෝස් ගොඩකුත් අලවලා තිබුණා..ඒක බලන්න හැදුවා විතරයි..

"ෂිට්..සේරම ඉවරයි.."

හිතුවෙවත් නැති වෙලාවක අප්පා දොරත් ඇරගෙන ගේ ඇතුළට ආවෙ තරහින් වගේ..අප්පා එක්ක ටේ අන්කල් ජිමින් අන්කල් දෙන්නත් ආවා..

මං අතේ තිබ්බ ජ'නල් එක ආයෙත් රැක් එක උඩින් තියලා එයාලා ගාවට ගියා..

බෑග් එකත් පැත්තකට දමලා ගහපු අප්පා නළල පිරිමැදගන්න ගත්තෙ ‌ස්ට්‍රෙස් එකකින් වගේ..ටේ අන්කලුත් තොල පිට පෙරලගෙන අප්පා ගාවට ළං වුණා..

"ජන්ග්කුකා..අපි තව ටික දවසක් බලමුකො බං.."ටේ අන්කල් අප්පාගෙ පිටට තට්ටු කළා..

"ඔයාලා අද කලින් ඇවිත්නෙ..මොකක් හරි ප්‍රශ්නයක්ද??"මං ඇහුවෙ මාරුවෙන් මාරුවට ඒ තුන්දෙනා දිහා බලන ගමන්..

"අපි යුනි එකට නෙමෙයි ගියෙ හෙයිමි..ඔයාගෙ හරාබොජිව මුණ ගැහෙන්න පුළුවන්ද කියලා බලන්න.."ජිමින් අන්කල් කිව්වා..

"ඉතින්??"

"සොන්ග් අන්කල් නැහැ..එයා ෆීල්ඩ් ට්‍රිප් එකකට ගිහින්..එයා එන්න තව ටික දවසක් ගත වෙයි වගේ.."ටේ අන්කල් කිව්වෙ ප්‍රශ්නකාරී විදිහට..

"එතකොට..අපි දැන් මොකද කරන්නෙ??"මං ඇහුවා..

"ඔයාට තවත් කාලයක් මෙහෙ ඉන්න වෙනවා හෙයිමි..මං අප්පාව ඉක්මනට කන්ටෑක්ට් කරගන්න උත්සහා කරන්නම්..ඔයාව ආපහු යවනකම් ඔයාගෙ ආරක්ෂාව ගැන අපි තුන්දෙනා බලාගන්නම්.."අප්පා කියන දේට මං ඔළුව වැනුවා..

"ඔයාවත් නැතිකරගන්න මට බෑ..මට බයයි ඔයාට කරදරයක් වෙයි කීයලා.."අප්පා එහෙම කියලා මගෙ ඔළුව අතගෑවා..

ඒත්..ඔයාට කාවද නැතිවුණේ අප්පා??

ඇයි ඔයා මට ඒ ගැන නොකියන්නෙ...??

________________________



Who Are You? | Jungkook Centric | OnholdWhere stories live. Discover now