Chapter 12

570 155 46
                                    

අතේ තිබ්බ ෆෝන් එකත් කරකව කරකව ඉන්න අප්පා දිහා මං බලාගෙන හිටියෙ එයා දැන් මොනා හරි කියයි..දැන් මොනා හරි කියයි කියලා..ඒත් එයා මං දිහාවත් බලන්නෙ නැතුව එහාටයි මෙහාටයි ඇවිදිනවා..

ඔව්..මං ආයෙත් 2052ට යන වැඩේ තවත් පහු වෙයි..ඒ වුණත් ඉතින් මෙච්චරම කලබල වෙන්න ඕනෙද??ඒක කලබලයද එහෙමත් නැත්නම් බයක්ද කියලා මට තේරෙන්නෙ නෑ..

"අප්පා..හැමදේම හොඳින් වෙයි..කලබල වෙන්න එපා.."මං කිව්වෙ අප්පව සන්සුන් කරන්න..ඒත් අප්පා ඒක පිළිගත්ත බවක් නම් පේන්න තිබුණෙ නෑ..එයා තවමත් කලබලෙන්..

"ඔයාට තේරෙන්නෙ නෑ හෙයිමියා..මේ දේවල් මෙහෙම වෙන්න ඕනෙ නෑ.."අප්පා එහෙම කියාගෙන මගේ ලඟින් වාඩිවුණා..

"අප්පා..මේක අමුතුයි තමයි..ඒත් දැන් ආයෙත් හරාබොජි එනකම් අපිට ඉවසන්නම වෙනවානෙ.."මං අප්පාගෙ වැලමිටට තාලෙකට තට්ටු කරන ගමන් කිව්වා..

අප්පා ආයෙත් කල්පනාවට වැටුණා..

"මට දැනෙන්නෙ පුදුම තරම් බයක් හෙයිමි..මොකක් හරි වැරැද්දක් සිද්ධ වුණොත්..ඒකෙන් කරදරයක් වෙන්නෙ ඔයාට.."අප්පා කියද්දි කිචන් එකේ ඉඳන් චිප්ස් පැකට් එකක් හාරවුස්සන ගමන් ආපු ‌ජිමින් අන්කල් කවුච් එකෙන් වාඩිවුණේ මගේ ඇඟට කකුල් දෙක දාන ගමන්..

වාසනාවන්ත මාමණ්ඩිලා..කාටද චාන්ස් එකක් ලැබෙන්නෙ පුතාගෙ ෆියොන්සෙගෙ ඇඟට කකුල් දාගෙන වාඩෙිවෙන්න..ඒ අතින් ජිමින් අන්කල් සෑහෙන ලකී..

"ජන්ග්කුකා..සේරටම කලින් මේ කෙල්ලට අඳින්න ඇඳුම් ටිකක් ගෙනත්දෙනවා..කොසු මිටකට ගෝනියක් අන්දලා වගේනෙ උඹේ ඇඳුම් ඇන්දම මේ කෙල්ල.."ජිමින් අන්කල් කිව්වෙ මං දිහා හිඟන්නෙක් දිහා බලනවා වගේ..

"ආයිෂ්..මට ඒකත් අමතක වුණා..මං ඔයාට අලුත් ඇඳුම් ටිකක් ගෙනත් දෙන්නම්.."

"මේ හෙයිමියා..මං නිකමට අහන්නෙ..ජීහනුත් මූ වගේම කොටයිද??"මෙච්චර වෙලාවක් කතා බහක් නැතුව ෆෝන් එකට එබීගෙන හිටිය ටේ අන්කල් අහද්දි ජිමින් අන්කල් එයා දිහා බැලුවෙ දවා අලු කරන බැල්මකින්..

"නෑ..ජීහන් කොට නෑ..එයාගෙ පෙනුම ජිමින් අන්කල්ගෙ වගේ වුණාට එයා සෝහා ආන්ටි වගේ උසයි.."මං කිව්වා..

Who Are You? | Jungkook Centric | OnholdWhere stories live. Discover now