Chapter 9

455 138 15
                                    

"හෙයිමියා..ඇත්තටම අනාගතේ තියෙන හෙයා ස්ටයිල්ස් මේ වගේද??"

ජිමින් අන්කල් මේ පැයේ හතර වෙනි වතාවටත් ඔය ප්‍රශ්නෙ ඇහුවෙ මගෙ කොණ්ඩෙ අවුල් කරලා දාන ගමන්..දැන් පැය ගානක ඉඳන් මං වාඩිවෙලා කම්මුලට අතක් තියාගෙන ඔහේ බලාගෙන ඉන්නවා..ජිමින් අන්කල් කරන්නෙ මගෙ බෙල්ලෙන් අල්ලගෙන හැම පැත්තටම හරව හරවා මගෙ කොණ්ඩෙ දිහා බලන එක..

ඒක අමුතු ඇති..මගෙ කොණ්ඩෙ පිටතට කළුපාටින් පෙනුනට කොණ්ඩෙ ඇතුළෙ තිබ්බෙ තද නිල් පාටක්..

මං විතරක් නෙමෙයි..ගොඩක් ගෑනු ළමයි ෆලෝ කරේ මේ හෙයාර්ස්ටයිල් එක තමයි..ජිමින් අන්කල්ට නම් ඒක ලෝක පුදුමයක් වගේ..

අප්පත් ටේ අන්කල් එක්ක ලොකු කතාවක්..ජිමින් අන්කල් තව ටිකකින් මගෙ බෙල්ල ගලවනවා..ඒ දෙන්නට ගානක්වත් නෑ..

"ජිමින් අන්කල්..මේක ඒ කාලෙ තියෙන සිම්පල්ම ස්ටයිල් එකක්..."ඉඳලා ඉඳලා බැරිම තැන මං කිව්වා..

"හෑ??එතකොට අනිත් ඒවා මීටත් හපන්ද??"මං ඔළුව වැනුවා..

"එතකොට ජන්ග්කුක් මේ ස්ටයිල් වලට කැමතියිද??"

"අප්පා එහෙම හැමදේටම නීති දාන්නෙ නෑ..යන ගමන් බිමන්වලට තමයි..."කියන්න ගිය එක නවත්තලා මං අප්පා දිහා බැලුවා..ඒක තමයි අප්පා මට නීති දාන එකම කාරනාව..ඇහුවට හේතුවක්වත් නොකියන දේ..

"මං නම් මග‌ෙ එවුන්ට මේ ස්ටයිල්ස් කරන්න දෙන්නෙ නෑ.."ජිමින් අන්කල් ගැඹුරු විදිහට කියද්දි නවත්තගන්න හැදුවත් මගෙ හිනාව පිට පැන්නෙ මහ සද්දෙන්..කොච්චර වුවමනා වුණත් මට හිනාව නතර කරගන්න බැරිම වුණා..

අන්තිමට හිනාව නවත්තගන්න බැරි තැන මං පුටුවෙන් බිමට බැහැලා බිමින් වාඩිවුණේ හයියෙන් අත්පුඩි ගහන ගමන්..

"යා..මොකද මේ කෙල්ලට වෙලා තියෙන්නෙ??"ජිමින් අන්කල් බය වෙලා වගේ අඩියක් පස්සට යන ගමන් ඇහුවා..

අනේ අන්කල්..ජීහන්ගෙ ස්ටයිල්ස් ගැන ඔයා දන්නවා නම්..මට හිතාගන්නත් බෑ ජිමින් අන්කල් ජීහන් ගැන දැන ගත්තොත් මොනවා වෙයිද කියලා..පවු මයෙ ෆාදර් ඉන් ලෝ..

"නෑ..මුකුත් නෑ අන්කල්..."සෑහෙන වෙලාවක් ට්‍රයි කරලා හිනාව නවත්තගෙන මං වේගෙන් හුස්ම ගත්තෙ ඇස් දෙක කොනකට එකතු වුණ කඳුළුත් පිහිදාන ගමන්..

Who Are You? | Jungkook Centric | OnholdWhere stories live. Discover now